IMG-LOGO

සිනොපෙක් තෙල් බෙදන්නේ මෙහෙමයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව සඳහා ස්ථාවර සහ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක් සමාගම සමඟ ගිවිසුමකට එළැඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා  සහ සිනොපෙක් සමාගමේ ඉන්ධන නිෂ්පාදන සහ අලෙවි දෙපාර්තමේන්තුවේ කළමණාකාර අධ්‍යක්ෂ චෙන් චෙන්ග්මිම් Chen Chengmim යන මහත්වරු ජනාධිපතිවරයා ඉදිරියේ ගිවිසුමට අත්සන් තැබූහ.

ශ්‍රී ලංකාවේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ පාරිභෝගිකයින් දුෂ්කරතාවට පත්නොවන ආකාරයට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මෙම පියවරට එළැඹුණු බව ජනාධිපති කාර්යාලය පවසයි.

පසුගිය සමයේ ඉන්ධන නැව්ගත කිරීම සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය ලබා දීමට නොහැකි වීමෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) විශාල අභියෝගයකට මුහුණ දෙනු ලැබීය. 

මෙම ගැටලුව විසඳීම සඳහා අමාත්‍යාංශය විවිධ උපාය මාර්ග සොයා බැලූ අතර ඊට පිළියමක් ලෙස ඉන්ධන නිෂ්පාදනය කරන රටවල පිහිටුවා ඇති පිළිගත් ඛනිජ තෙල් සමාගම්වලින් ශ්‍රිලංකාවට ඉන්ධන සැපයුම පිළිබඳ විමසන ලදී.

එහි අරමුණ වූයේ මෙරට ක්‍රියාත්මක බෙදාහැරීමේ අලෙවි නියෝජිත ජාලයන් තුළින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අළෙවිය සිදු කිරීමයි. ඒ අනුව මෙම යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි විය.

එහිදී වෙළඳපොළට ඇතුළු වන නව සිල්ලර සැපයුම්කරුවන් සඳහා පනවා ඇති එක් ප්‍රධාන කොන්දේසියක් වන්නේ දේශීය බැංකු  මත රඳා නොසිට විදේශ විනිමය අවශ්‍යතා ඔවුන් විසින්ම සුරක්ෂිත කර ගැනීමේ හැකියාවයි.

 ඒ අනුව මෙම සමාගම් අවම වශයෙන් ආරම්භක වසරක මෙහෙයුම් කාලය තුළදී විදේශීය මූලාශ්‍ර හරහා ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා තමන්ගේම අරමුදල් යොදා ගත යුතුය. මේ සඳහා ඔවුන්ගේ එකඟතාව ලැබීමෙන් පසු කෙටි ලැයිස්තුගත කර ඇති සමාගම්වලට ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට ආරාධනා කෙරිණි. 

කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුව (CASC) සහ තාක්ෂණික ඇගයීම් කමිටුව (TEC) විසින් එම යෝජනා මනා ලෙස පරීක්ෂා කර, සාකච්ඡාවලට යටත්ව පහත සඳහන් සමාගම් වෙත කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම නිර්දේශ කරන ලදී.

එම සමාගම් වන්නේ,

Sinopec Fuel Oil Lanka (Private) Limited, F5, හම්බන්තොට මැරිටයිම් සෙන්ටර්, මිරිජ්ජවිල, හම්බන්තොට.United Petroleum Pty Ltd,  600, ග්ලෙන්ෆෙරි පාර, හෝතෝන්, වික්ටෝරියා 3122, ඕස්ටේලියාව,Shell PLC සමඟ සහයෝගයෙන් RM Parks, 1061 N. මේන් ස්ට්‍රිට්, පෝටර්විල්, කැලිෆෝනියා 93257, ඇමරිකාව වෙි.

බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු දින 45ක් ඇතුලත සිනොපෙක් සමාගම සහ එහි අනුබද්ධ සමාගම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය. මෙම ක්‍රියාවලිය තුළින් වඩාත් ස්ථාවර සහ විශ්වාසනීය ඉන්ධන සැපයුමක් සහතික කෙරෙන අතර රටේ බලශක්ති ක්ෂේත්‍රය නංවාලීමට ද  එය දායක වනු ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී. චානක, ඉන්දික අනුරුද්ධ, ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, චීන තානාපති කිව් ෂෙන්හෝං (Qi Zhenhong) යන මහත්වරු සහ සිනොපෙක් සමාගමේ සභාපති Yu Baocai, ජාත්‍යන්තර සහයෝගිතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Fan Liping යන මහත්වරු ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (3)

සිනොපෙක් තෙල් බෙදන්නේ මෙහෙමයි

J A B HERATH Monday, 22 May 2023 04:19 PM

අපි තෙල් ගන්නෙ රුපියල් වලින් ඒ රුපියල් ඩොලර් කරන්නේ නැවතත් අපේ රටේ තියන ඩොලර් වලින් , ඉතින් මේකෙන් අපේ රටේ ඩොලර් ඉතුරු වෙන්නෙ නැත

:       26       15

චින්තක Monday, 22 May 2023 05:21 PM

භාණ්ඩ හුවමාරු ක්‍රමයක් ක්‍රියාත්මක කළා නම් වඩාත් සාර්ථක වෙන්න තියෙනවා කියලා අදහසක් ඇතිවුණා. එහෙම වුණොත් ඩොලර් ප්‍රශ්නයක් නැහැ නේද? නැත්නම් ඉතින් තියෙන ඩොලර් තමයි මාරුකරන්න වෙන්නේ...!

:       6       8

lankaputha Tuesday, 23 May 2023 07:49 AM

සිනොපෙක්, නමේ අගට "රාජපක්ෂ" කොටස නැත්තේ ඇයි කියලා පුදුමයි... එයාලට අයිතියි..... අවුරුද්දක් ක්‍රියාත්මක වෙලා මුළු LKR ටික ආපහු USD වලට හරවලා අරන් යනවා... . අපි එය නැවත වර්ග එකකට හෝ 1ට අඩුවෙන් අමතන්නෙමුද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 964 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1347 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site