
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට පදනම් සහගත සහ තර්කානුකූල ආණ්ඩුකරණ ව්‍යුහයක් ගොඩනැගීමට මඟ පෙන්වීමේ අරමුණින් ප්‍රකාශයට පත්කළ ධවල පත්‍රිකාවට අනුව ශ්‍රී ලංකා පරිපාලනයට අමාත්‍යංශ 15 ක් පමණක් නිර්දේශ කරන බව ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ආණ්ඩුවේ අමාත්‍යංශ 30 ක් ඇති බවත් අමාත්‍යංශ සංඛ්‍යාව 30 කට සීමා කරමු යැයි පැවසූ බව ද කියන ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවසන්නේ එහි නිර්දේශයට අනුව අමාත්‍යංශ 30 ක් ප්‍රමාණය ඉක්මවා යෑමක් බවයි.
‘ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ සැකැස්මට තර්කානුකූල ක්‍රමවේදයක්’ යන මැයෙන් ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය 2020 වසරේ ප්‍රකාශයට පත්කළ ධවල පත්‍රිකාවේ එම අමාත්‍යංශ 15 නම් කර ඇති අතර එමගින් අකාර්යක්‍ෂමතාව අවම කරගනිමින්, ආණ්ඩුකරණ ව්‍යුහයේ තර්කානුකූලභාවය උපරිමයෙන් තහවුරු කිරීමේ හැකියාව පවතින බවත් කැබිනට් අමාත්‍ය ධූර පිරවීම සඳහා වාර්තමානයේ අනුගමනය කරන පිළිවෙත ආණ්ඩුවේ කාර්යක්‍ෂමතාවට සහ ඵලදායීතාවයට අනිසි ලෙස බලපාන බවත් එම ආයතනය සඳහන් කරයි.
මූල්‍ය සහ සැළසුම්, අධිකරණ, ආරක්‍ෂක, අධ්‍යාපන හා පරීක්‍ෂණ, සෞඛ්‍ය, කෘෂිකර්ම, කම්කරු, මහජන සේවා, වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා, ආර්ථික කටයුතු, ස්වදේශ කටයුතු හා රාජ්‍ය පරිපාලන, විදේශ කටයුතු, පවුල් හා ප්‍රජා සංවර්ධනය, සමාජ හා සංස්කෘතික සහ පරිසර යන අමාත්‍ය 15 ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය නම් කර තිබේ.
එක අමාත්‍යංශයක් යටතේ පැවතිය යුතු විෂයන් විවිධ අමාත්‍යංශ අතර බෙදා තිබීම සහ එකිනෙකට නොගැලපෙන විෂයන් එක අමාත්‍යංශයක් යටතට ගෙන තිබීම ප්‍රධාන ගැටලු දෙක යැයි පෙන්වා දෙන එම ආයතනය මෙම ගැටලු දෙක හමුවේ තීරණ ගැනීම සහ තීරණ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීමෙන් ආණ්ඩුවේ වගවීම සහ සක්‍රීය ලෙස ක්‍රියාත්මක වීමට පවතින හැකියාව පහත වැටීම සහ සමස්තයක් ලෙස ආණ්ඩුවේ කටයුතුවලට වැඩි මූල්‍ය පිරිවැයක් දැරීමට සිදුවීම වැනි තත්වයන් අතීතයේදී මුහුණදීමට සිදුවූ බවත් එම ආයතනය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සුද යකෝ 226 ක් ඕනේ. ශ්‍රී ලංකා පාර්ලිමේතුව සහ ශ්‍රී ලංකන් ක්‍රිකට් තමා ආයතනයක්ස වලපල්ලට යනව බලන්න තියෙන සජීවී උදාහරණ දේකේම තියෙනව සමාන පිරිහීමේ ලක්ෂණ ශ්‍රී ලංකාවට අබසරණයි!!
කර්මාන්ත විද්‍යා හා තාක්ෂණ කොහෙටද දාන්නේ?
විශිෂ්ට අදහසක්. ගැටලුව වන්නේ අදහස ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්නයි. මම හිතන්නේ අපි ජනතා බලය පෙන්විය යුතුයි. එම සංඛ්‍යාව 15 ඉක්මවන්නේ නම් ජනතාව පාරට පැමිණ උද්ඝෝෂණ කළ යුතුයි. රජය අපේ මුදල් (බදු ගෙවන්නන්) භාවිත කරන බව ජනතාව දැනුවත් කළ යුතුයි.
මට හිතන්නේ මෙහෙම ඇමති තනතුරු වැඩිකිරීම කලේ ජේආර් කාලයේ කියලා .ඔහු පාර්ලිමේන්තුවේ පමණක් නොවෙයි දිසා ඇමති කියලා 25 කුත් පත්කලා පස්සෙ පළාතට පහක් ගණනේ 45 ක් පත්කලා එහෙම කලාම තමයි දේශපාලුවො වැඩ නොකර ඇමතියො වෙන්නෙ දගලන්න ගත්තෙ.වැඩක් කරන්න මංත්‍රී තනතුර හොදින්ම ඇති වරද තියෙන්නෙ මංත්‍රී කෙනෙක් පත්වෙන්නෙ දිස්ත්‍රික් පදනමෙන් වුනත් වැඩක් කරන්නෙ කොහේටද කියලා කවුරුත් දන්නෙ නැහැ ඔවුන්ට කරන්න රාජකාරි ලැයිස්තු නැහැ ඔවුන් ගැන බලන්න ප්‍රගති සමාලෝචනයක් නැහැ ඉතින් කොහොමද රටේ සංවර්ධනය වෙන්නෙ ජනාධිපති වේවා ඇමතියො වේවා වැඩක් කරන්නෙ තමන් ජීවත්වන ප්‍රදේශවල පමණයි උදාහරණයක් හැටියට මහින්ද ජනාධිපති හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩත් මයිත්‍රීපාල පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩත් රත්නපුර දිස්ත්‍රික්කයේ පැරණිතම මංත්‍රී කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටුවට සහභාගි වීමත් පෙන්නන්න පුළුවන් මේ තත්වයත් රටට වඩා පක්ෂය රැකීමට කටයුතු කිරීමත් නිසා තමයි ඇමතියෝ වැඩිකරන්න හේතුවක් වෙලා තියෙන්නෙ
ඉස්සර තිබුනේ 15 වක් තමයි. මේ කාලකන්නි 1972 විවස්ථාව හදා ගන කන්න ක්‍රම ඇති කර ගත්තා. එනිසා 1972 ට පෙර තිබූ විවස්ථාව ගෙන ආ යුතුයි. නාගහනන්ද කොඩිතූවක්කූගේ විවස්ථාව ගෙන එන්න ජනතාව දැනුවත් කරමු.
අමාත්‍යංශ 30යි. ලක්ශ 200 සැප වාහන 100යි. රාජ්‍ය අමාත්‍යංශ 30යි. ලක්ශ 200 සැප වාහන 100යි. නෑ මම මේ නිකං කීවේ. එයාලාට පුලුවන් නියෝජ්‍ය අමාත්‍යංශ , ඇමටියාගේ බිරිඳගේ අමාත්‍යංශ වගේ ඒවත් හදන්න. වෙරිටේ රිසර්ච් ඔයාලා පැත්තකින් ඉන්න ඕවා කරන්නේ නෑ මෙයාලා. අච්චරක් ලොකු චීනේ අමාත්‍යංශ 21යි. හරිම විද්‍යාත්මකයි මෙහේ වැඩ.
බලමුකෝ මේවා කරයිද කියලා
ලංකාවේ ආණ්ඩුව මාළු විකුනනවා , කජු විකුනනවා , කිරි යෝගට් විකුනනවා , සම් භාණ්ඩ විකුනනවා , අත්කම් විකුනනවා , හැම මගුලම කරනවා එත් කිසිම ලාබයක් නෑ . ආණ්ඩුවක් උනහම කුඩා වෙන්න ඕනේ
අමරසිංහ මහත්තයෝ මොනවද අනේ කර්මාන්ත කියන්නේ? අපි දන්නේ නැහැනේ... අපි ඔක්කොමලා පිටරට දේ සිරිසැපදේ කියන රේගු ගාස්තු අරගෙන රට හදන්න ඉන්න කට්ටිය නිසා අපි බලන්නේ... ඔක්කෝම රටින්ම ගේන්න තමයි 15 ඇතියි කියන අයත් ලංකාවේ කර්මාන්ත හදනවාට විරුද්ධ ඇති... මොකද ඔවුන්ගේ දේවල් අපිට දෙන්න බැරිවුණොත් ඔවුනුත් ලංකාව වගේ වල පල්ලට යන්න පුළුවන් නිසා..