(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)
තලවකැලේ ප්‍රදේශයේ පාසල් ළමුන් පිරිසකට අද පෙරවරුවේ එල්ල වූ බඹර ප්‍රහාරයකින් සිසුන් තිදෙනකු ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කොට ඇතැයි තලවකැලේ පොලිසිය පවසයි.
ටෲප් වත්තේ සිට තලවකැලේ නගරය දක්වා වැටී ඇති වතු මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම සිසුන් පිරිසට බඹර ප්‍රහාරය එල්ල වී ඇති අතර, තලවකැලේ භාරති දෙමළ විදුහලේ සහ තලවකැලේ ශාන්ත ප්රැට්රික් දෙමළ විදුහලේ සිසුන් තිදෙනකු මෙසේ රෝහල් ගත කොට තිබේ.
මාර්ගය අසල ගසක බැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සී මාර්ගයේ ගමන් කරමින් සිටි සිසු පිරිසට බඹරුන් දෂ්ඨ කොට ඇත,

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd