(කේ බුද්ධික කුමාරසිරි)
තම තුන් හැවිරිදි දරැවා උස්සා පොලවේ ගැසූ බව කියන පියකු අවිස්සාවේල්ල ඉහල තල්දූව ප්‍රදේශයේ දී අද අත් අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
අවිස්සාවේල්ල ඉහල තල්දූව තල්දූව වත්තේ පදිංචිකරුවකු වන මෙම සැකකරැ දරුවා පොලොවේ ගැසීමෙන් පසු බිරිද ඉදිරිපිටට ගොස් වස පානය කර ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් දරැවා සහ සැකකරැ දෙදෙනාවම අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇත.
රෝහල් ගත කල සැකකරු මූලික ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු රෝහලෙන් පිටව පලා යමින් සිටියදී අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
අනතුරට පත් දරුවාගේ හිස පැලී ඇති බවත් කන්වලින් ලේ පිටව තිබූ බැවින් අවශ්‍ය මූලික ප්‍රතිකාර සිදු කිරීමෙන් පසු වහාම වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ රිජ්වේ ආර්යා රෝහලට ඇතුලත් කර ඇත.
අත් අඩංගුවට ගත් සැකකරු අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පියා තෙහැවිරිදි දරුවා පොළොවේ ගහලා