මා කළ ප්‍රකාශයෙන් බෞද්ධ, හින්දු මුස්ලිම් සහෝදර සහෝදරියන්ට කිසියම් සිත් රිදවුමක් වුයේ නම් ඒ පිළිබඳව සමාව අයදින බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා පවසයි.
දේවගැතිවරයා මේ බව සඳහන් කළේ සිංගප්පූරුවේ සිට සූම් තාක්ෂණය ඔස්සේ ඉරිදා දේවමෙහෙයට එක්වෙමින්ය.
තමන්ගේ ප්‍රකාශය පිළිබඳව සිත් රිදීමක් වුයේ නම් ඒ ගැන සමාව අයදින නමුත් තමා කළ ප්‍රකාශය අසත්‍ය නොවන බව ද එහිදී ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා අවධාරණය කිරීම විශේෂත්වයකි.
විදේශගතව සිටින ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ කලින් සඳහන් කර තිබුණේ නියමිත දිනට දේවමෙහෙය දෙහිවල ප්‍රදේහයේ ස්ථානයකදී සූම් තාක්ෂණය ඔස්සේ සිදු කරන බවයි.
එහෙත් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ නැවත සටහනක් තබමින් ප්‍රකාශකර තිබුණේ දේවමෙහෙය නුගේගොඩ ප්‍රදේහයේ ස්ථානයකදී පවත්වන බවයි. ඒ අනුව එම ස්ථානයේදී දේවමෙහෙය අරඹමින් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා සිය ස්ථාවරය පැහැදිලි කළේය. තමා නැවත ලංකාවට පැමිණෙන බවත් තමාගේ නීතිඥයන් අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් එහිදි දේවගැතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු ආගමක් අදහන අය නෙවෙයි NGO සල්ලි අරන් රට රටවල ප්‍රශ්න මවන අය. මෙවැනි මානසික ව්‍යාධිවලින් පෙලෙනවුන් පස්සේ යන අයත් ඉන්න එකයි පුදුමෙ
මෙවැනි ඩොලර් කාක්කන්ට එරෙහිව රජය ක්‍රියා කරන්නේ නැති බව පැහැදිලියි. බොරුවට රඟනවා. ජනතාව රවට්ටනවා. මේ හොරු රැල එළවන්න ඕන හේතු දැන් ඕනවටත් වඩා තියෙනවා.
අපේ මතයෙත්... වෙනසක් නෑ. අපි ආයේ ජාතිවාදී, ආගම්වාදී කුමන්ත්‍රණවලට අහුවෙලා රට බේරාගන්න තියන අවසාන අවස්ථාව කියලා කිසි එකෙක්ට ඡන්දෙ දෙන්නේ නැහැ.
ජේරමියා හරි වෙනත් කවුරු හරි බුද්ධ දේශනාව ගැන අදහස් පවසන්නේ ඒ කියනා කෙනාගේ දැනීම හා අවබෝධය මතයි. ලොව්තුරා බුදුවරයෙකුගේ හා දහම ගැන හරිහැටි කරුණු කාරණා නොදන්නා අණුවනයින් කියනා පිස්සු කතා දෙස සමච්චල් ලෙසින් බැලිය යුතුයි. ජෙරමියා නෙමෙයි තව කොපමණ අය මොනවා කීවත් බුදු හාමුදුරුවන්ට හෝ නිර්මල දහමට හානියක් කරන්නට බැහැ. බල්ලන් බිරුවාට කඳු පාත් වෙන්නේ නැහැ. බල්ලාට හති වැටුණාම බිරීම නවතිනවා. කන්ද එසේම පවතිනවා.
මේ වගේ එන්.ජි.ඕ කාක්කන් හා අපේ බෞද්ධ කියාගන්නා අයට ඕවා වැඩක් වුණාට නියම නිර්මල බුදුදහමට හානියක් වෙන්නේ නෑ. තම තමන් වපුරපු දේ අනුව පල නෙලා ගන්න පුළුවන්. දහම සදාකල් පවතිනවා.
ඔය මොන ජෙරමියා ආවත් අපි නම් මෙදාපාර රට බේරාගන්න අවසන් අවස්ථාව කියලා මහින්දගේ හෙන්චයියන්ට ඡන්දෙ දෙන්නේ නෑ නෑමයි...
ඔබේ මතයෙන් අපිට සතේක වැඩක් නැහැ. මේක බෞද්ධ රටක් නිසයි.. පුළුවන් නම් යන්නකෝ සෞදි අරාබියට ගිහිල්ලා ඔය ටික කියන්නකෝ.. එහෙනම් බෙල්ල කපන්නේ සිකුරාදා දවල් පළාතේම ඉන්න සෞදියෝ ගෙන්නවලා... අපේ හිත රිදිල්ල කොහොම වුණත් ඔබේ ඇඟට රිදෙන්න නම් ලැබේවි කියා හිතනවා...