(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මුන්දලම පුලිච්චාකුලම වැවේ දිය නෑමට ගිය දැරියන් පිරිසකින් එක් දැරියක් දියෙ ගිලි මරණයට පත්ව ඇති බව මුන්දලම පොලිසිය.

මෙසේ අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ උඩප්පුව අඩිමුනේ  දෙමළ මහා විද්‍යාලයෙ 12 ශ්‍රේණීයේ අධ්‍යාපනය හදාරමින් සිටි 18 හැවිරිදි සන්මුගනාදන් හේසීෂා නැමති දැරියක් බව කියයි.

මෙම දැරිය තම මව හා තවත් දැරියන් සිව් දෙනෙකු සමග පුලිච්චාකුලම වැවට ගොස් දිය නාමින් සිටියදී එකවර ගැඹුරු ස්ථානයකට ඇදි ගොස් ගොඩ ඒමට නොහැකිව එහි ගිලි ඇති බව කියයි.

දැරියගෙ මව හා ඇගේ යෙහෙලියන් පිරිස විලාප තබමින් කෑගැසිම ඇසි පැමිණි ගම්වාසින් පිරිසක් කඩිනමින් දැරිය ගොඩ ගෙන මුන්දලම රෝහලට ඇතුලත් කරන විටත් මරණයට පත්ව සිටි බව රෝහල් බළධාරියකු පැවසිය.

මරණයට පත් දැරියගෙ සිරුර මුන්දලම රෝහලින් පශ්චාත් මරණ පරික්ෂණය සදහා පුත්තලම මූලික රෝහලට යවා තිබුනී.