(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ සියලුම දිස්ත්‍රික්කවල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පුහුණු කිරීමේ සහ පත්වීම් ලබා දීමේ වැඩසටහන් මාලාවේ පළමුවෙනි වැඩසටහනට ගාල්ලේ "රැඩිසන් බ්ලු" හෝටලයේ දී පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ එජාප ජාතික සංවිධායක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්විණි. දින දෙක හමාරක නේවාසික පුහුණු සැසියක් ලෙස සංවිධානය කළ මෙම වැඩසටහන අවසානයේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා අතින් පත්වීම් ලිපි ලබා දීම සහ සහතික පත් බෙදාදීම සිදුවිය.
කොළඹ, ගම්පහ, කළුතර, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල සම්බන්ධීකාරකවරුන් පළමුවැනි වැඩසටහනට සහභාගී වූ අතර ඉදිරි වැඩසටහන් වල දී සෙසු දිස්ත්‍රික්ක වල සම්බන්ධීකාරකවරුන් සහභාගී කර ගැනීමට නියමිත බව රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
එජාප අලුත් වැඩකට අත ගසයි
aravinda Monarawila Monday, 22 May 2023 05:21 PM
ඕක අලුත් වැඩක් නෙවෙයි. එදා ඉඳලාම පවතින ආණ්ඩුවට විරුද්ධව සංවිධානාත්මකව රට පුරා බොරු ප්‍රචාරය කරන්න කටකතා පතුරුවන්න කට්ටිය හිටියා කියලා අපේ වැඩිහිටියෝ කියලා තියෙනවා. මේ ඒකෙ අලුත් වර්ෂන් එක වෙන්න ඇති..
නිර්පාක්ශික Monday, 22 May 2023 05:34 PM
පත්වීම් ලිපි දුන්නා පඩි ගෙවන්න සල්ලි කොහෙන්ද? අපේ ඩොලර් වලින් දේශගුණේ කියන් ලෝකෙ පුරා රවුම් ගහලා මෙහේ ඇවිත් පක්ෂයට වැඩ...
Kazi Shajahan Tuesday, 23 May 2023 11:38 AM
ගොන් හැත්ත.තවත් එනවා නේ