(යොහාන් භාසුර)
මන්නාරම සිලාවතුර අරිප්පු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජීවී කැස්බෑවන් දෙදෙනෙක් ඇතුළු කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයේ අරිප්පු වෙරළ නිරීක්ෂණ මධ්‍යස්ථානය කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කැස්බෑවන් සිව් දෙනෙක් මරා මස් පිණිස සකස් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් කැස්බෑ මස් කිලෝග්‍රෑම් 206 ක පමණ තොගයක්, ජීවී කැස්බෑවන් දෙදෙනෙක් සහ කැස්බෑවන් ගොඩබිමට රැගෙන ඒමට භාවිතා කළ බවට සැකකෙරෙන තෙප්පම් වර්ගයේ කුඩා යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කීය.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 ක් සහ 37 ක් වන අරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගන්නා ගත් බව කී නිවාක හමුදාව එම සැකකරුවන් දෙදෙනා, ජීවී කැස්බෑවන් දෙදෙනා, කැස්බෑ මස් කිලෝග්‍රෑම් 206 ක පමණ තොගය සහ තෙප්පම් වර්ගයේ කුඩා යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම වනජීවි දෙපාර්තමේන්තු කාර්යාලයට භාරදුන් බව ද සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කැස්බෑ මස් කිලෝ 206ක් - සැකකරුවන් දෙකක් අල්ලයි