(ඉන්දිකා රාමනායක)
තරුණියන් ඉහළ ගණන්වලට අලෙවි කරන ජංගම ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය අරගල සංවිධායකවරයෙකු ඇතුළු 7 දෙනකු අඟුරුවාතොට රෙමුණ ප්‍රදේශයේ දී පානදුර වලාන දූෂණ මර්දන මර්ධන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් සිව් දෙනෙකු, ඔවුන් තවත් කුලී රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු ද වන බව පොලිසිය පවසයි .
ප්‍රධාන සැකකරු අරගලයේ මුල්පෙළ සංවිධායකවරයෙකු වශයෙන් කටයුතු කළ මොරටුවේ පදිංචි (33) පුද්ගලයකු බව පොලීසිය පවසයි.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ මොවුන් මෙම ජංගම ගණිකා ජාවාරම පවත්වාගෙන යන බවත්, පොලිසියට ලද තොරතුරකට අනුව උපාය දුතයෙකු යොදවා රුපියල් 55,000 ක මුදලකට කාන්තාවක් ඇණවුම් කළ බව පොලිසිය කියයි.
ඒ අනුව සැකකරුවන් පෙරේදා රාත්‍රියේ මෝටර් රථ දෙකකින් කාන්තාවන් සිව් දෙනෙකු රැගෙනවිත් ඇති විත් ඇති අතර එහිදී පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රධාන සැකකරු කලක පටන් මෙම ගණිකා ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවත්, එම ජාවාරමෙන් ඔහු විශාල වශයෙන් මුදල් උපයාගෙන ඇති බවටත් බවට පොලිසියට තොරතුරු ලැබී ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගෙ ගෑණිට බබෙක් ලැබුනත් වග කියන්න ඕනි අරගලයේ හිටපු එවුන්...
අරගලයේ හිටියේ ලංකාවේ සාමාන්‍ය පුරවැසියෝ මිසක් මාර්ග ඵල ලබපු අය නෙවෙයි.
අරගලය නැතිනම් අද ලංකාව කියන රටත් නැහැ. පිනාට හෙණ වදින දවස වැඩි ඈතක නැහැ.
අරගල කළා කියලා නෑ. පෝරත් හම්බ කරන්න එපැයි. මොකෝ රනිල් දෙනවද?
“කප්පම් ඉල්ලූ ඇමති“ ලෙස යොදාගන්නේ නැත්තේ ඇයි?
මේ වගේම කුඩු ගැන පාර්ලිමේන්තුවේ ඉන්න අය අල්ලලා ප්‍රසිද්ධ කරපල්ලා.
මේ වගේ අය තමයි.., අනාථවෙලා හිටපු රනිල් ලොක්කට බලයට එන්න පාර කැපුවේ...
මොන වැරැද්ද කළත් ඒකට අරගලය සම්බන්ධ කරන තත්වයක් දැන් ඇවිල්ලා තියෙන්නේ...
ඔව් වෙන්න පුළුවන්... අරගලය ඇතුලේ හිටිය රන්මාල කඩන හොරු, කසිප්පු කාරයෝ, තැබෑරුම් කාරයෝ, කොමිස් කාරයෝ, පස්හොරු, ඉඩම් හොරු, සල්ලි හොරු.. ඒ වගේම ඉතා හොඳ මිනිස්සු...
දැන් හැමදේකටම අරගලය අල්ල ගනිල්ලා? ඊටත් වඩා හපන් එවුන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ? මිනිමරුවෝ, පාතාල කාරයෝ, ස්ත්‍රී දූෂකයින් මැරයින්, කුඩු ජාවාරම් කාරයින්...?
අරගලේ නැත්නම් තාමත් කාඩ්බොඩ් වීරයින් සහ පවුලේ නාඩගම් බලබල ඉන්න තිබුණා. අඩුම ගානේ ඒ ටිකවත් නැති වුණු එක ලොකු දෙයක්....!
අරගලය කලේ රටේ සාමාන්‍ය ජනතාව, ඒකට කැඳෙව්වේ චරිත සහතික බලලා නෙවෙයි. එහෙම චරිත සහතික බලලා ඡන්දය පාවිච්චි කළ ජනතාවක් හිටියා නම් අරගල අවශ්‍ය නැහැ. කප්පම් නඩුවක අත්හිටවූ දඬුවම් ලද අයෙක් ආණ්ඩු පක්ෂ සංවිධායක වෙලා ඉන්න රටක මේ කොහේවත් නැති අරගල කාරයෙක්ගේ චරිතේ හොයනවා. අරගලයට ලක්ෂ ගණනිං එකතු වුණු බව අමතකද?