අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්දසිරි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක  හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද (21) පස්වරුවේ සිදු කෙරණි.

මහනාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සතර දෙසින් භික්ෂුන් වහන්සේ, මහජන නියෝජිතයෝ, රාජ්‍යතාන්ත්‍රිකයෝ, මහජනතාව ඇතුළු විශාල පිරිසක් නිදහස් චතුරශ්‍රයට පැමිණියහ.

ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද පස්වරු 3 ට පමණ ආරම්භ විය.

මහා නාහිමියන් පසුගිය මැයි 16 වැනිදා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසුව අපවත්වී වදාලහ.

මහා නා හිමියන්ගේ දේහය මහජන ගෞරවය සඳහා රාජගිරිය කලපළුවාව ‘ගෝතම තපෝවනය’ තැන්පත් කළහ.

දශක ගණනාවක ශාසනික මෙහෙවර අවසන් කරමින් අපවත්වූ මහා නාහිමියන්ගේ දේහය පස්වරු 06 ට පමණ ආදාහනය සඳහා චිතකය වෙත වැඩම කරවනු ලැබූහ.

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)