(අංජුල මහික වීරරත්න)
ගොවි ජනතාව කුඹුරු වගාවෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව බුද්ධි අංශ තහවුරු කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
යල කන්නයේ වී වගා කරන හයලක්ෂ පනස් දහසක් ගොවි ජනතාවට වී වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් එක් ගොවියකුට හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක මුදලක් වවුචරයක් මගින් ලබා දීමෙි වැඩසටහන අරඹමින් අමාත්‍යවරයා මෙි බව කීය.
හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් වශයෙන් ගොවීන්ට ලබා දීමට කටයුතු යොදා ඇති අතර මෙම පොහොර සහනාධාරය සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 10කි.
එක්තරා දේශපාලන පක්ෂයක් පසුගිය මහ කන්නයේත් ගොවීන් කුඹුරු වලින් ඈත් කරන්න ලොකු උත්සාහයක් දැරූ නමුත් ඔවුන්ට එක කරන්න බැරි වූ බවද තවමත් ඒ අය කුමන්ත්‍රණය අතහැර නැතැයි අමාත්‍යවරයා කීය.
ගොවි ජනතාව කුමන්ත්‍රණවලට හසු වුනොත් මුළු රටටම බඩගින්නේ සිටීමට සිදු වෙන බවද ඒ නිසා බය නැතුව වගා කරන ලෙස සියලු ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී මෙම වැඩසටහන පැවැත්විණි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පොහොර ගන්න වවුචර දීම අරඹයි
Akila Monday, 22 May 2023 04:18 PM
අම්මෝ අපේ බුද්දි අංශය මාර දේවල් නේ හොයන්නේ , ගෙවල් වල ඇඳ වල් යටට වෙලා ඉන්නව ද දන්නේ නැහැ බලන්න ඕනේ
අම්බ් Tuesday, 23 May 2023 07:12 AM
මන්ද බුද්ධි අංශය...මහින්ද අමරවීර ගේ දේශපාලන පච...