
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලබන 24 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමට අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩු පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී ඇත
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම කොමිසමේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම එදින පැවැත්වීමට නියමිතය.
එම ඡන්ද විමසීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් උපරිම ලෙස සහභාගී කරවීමේ අරමුණෙන් මේ තීරණය ගෙන ඇතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය පවසයි.
එදින නොයන මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමටද තීරණය කර ඇත
මේ කාලසීමාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට විදේශ ගමන්ද තහනම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනකට විරුද්ධව චන්දය දුන්නොත් රණතුංග ඇතුළු සේරටම වැඩ වැරදියි සදහටම
රටගැන හිතන අය ඉන්නවා නම් 24 පාර්ලිමේන්තුවට එන්නේ නැහැ... පොහොට්ටුවේ අයට නම් හෙණ වදිනවා මේ කරන අපරාධයට.
පාර්ලිමේන්තුවේ බහුතරය නැතිවුණාට පස්සේ ඔබලාගේ වැඩ වරදී...
ඇඳුමක් ඇඳගෙන ඇවිල්ලා කොහොමද ජනකට විරුද්ධව ඡන්දෙ දෙන්නේ.., තමන්ගේ පාක්ෂිකයන්ගේත්, ලයිට් බිලත් වැඩිවෙනවනේ. ඒ වගේම ඔහුට ලැබෙන්න තියෙන සහනයත් නැතිවෙනවනේ... ජනක පැරැද්දුවොත්...
මොහුව ඉවත් කරනවා කියන්නේ, මොවුන් ජනතාව කොල්ලකන්න මග පාදනවා කියන එක... මොහුව ඉවත් කරනවා නම් ඔය කියන මහජන කොමිසම විසුරුවා හැරලා ඒකෙ වැඩකරන ඔක්කොම ගෙදර යවපල්ලා.
දූෂිත, බලලෝභී බඩගෝස්තරවාදි දේශපාලුවන්ට නම් වැඩ වරදී. කප්පම්කාරයෙක් කියන දේවල් කවුද ගණන් ගන්නේ...?