IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනකට පක්ෂ රැසක සහාය

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට  දේශපාලන පක්ෂ රැසක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත.

මේ අනුව සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සභාව,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ  උත්තර ලංකා සභාගය එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති  අතර දෙමළ ජාතික සන්ධානයේ තීරණය හෙට (23) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අප දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පක්ෂි සියලු කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමෙන් පසු ඒ පිළිබඳ තීරණය ප්‍රකාශයට පත්කරන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමගි ජන බලවේගයේ  ප්‍රකාශකයකු පැවසුවේ විදුලි බිල වැඩි කිරීමට එරෙහිව පෙනී සිටි ජනක රත්නායක වෙනුවෙන් පෙනී සිටීමට පක්ෂය තීරණයක් ගත් බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා  ජනක රත්නායක මහතාගේ ක්‍රියාකලාපය පක්ෂයක් ලෙස අනුමත නොකරන බව ප්‍රකාශ කළේය.

නිදහස ජනතා සභාව වෙනුවෙන් අදහස් දැක්වූ මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවයි.

උත්තර ලංකා සභාගය වෙනුවෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ආණ්ඩුව කාලයක සිට ජනතාව පැත්තේ සිට මත පළ කළ ජනක රත්නායක මහතාට දිගින් දිගටම චෝදනා පවරමින් ඔහුගේ රාජකාරිය හෑල්ලු කල බව ප්‍රකාශ කළේය.

ස්වාධීන ආයතනවලට එරෙහිව  මෙලෙස තර්ජන ගර්ජන  එල්ල කිරීමට  ඉඩ දිය නොහැකි බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමේ  යෝජනාව පිළිබඳ විවාදය ලබන 24 වැනිදා දවස පුරා පැවැත්වීමට නියමිතය. විවාදයෙන් අනතුරුව එදින පස්වරුවේ  ඒ පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීම පිළිබඳ අමාත්‍ය වාර්තාව මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ සහ  ව්‍යවස්ථා කටයුතු අධ්‍යක්ෂ ජනකාන්ත ද සිල්වා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ  යෝජනාව  සම්මතවීමට මන්ත්‍රීවරුන් 113කගේ ඡන්දය ප්‍රමාණවත් බවයි.

ජනක රත්නායක  සහ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරුන් අතර සිදුවූ විවිධ පරස්පර විරෝධී මත ප්‍රකාශ කිරීම්  හේතුවෙන් දෙදෙනා අතර  දැඩි මතභේදාත්මක තත්වයක් පසුගිය කාලයේදී  ඇතිවිය.



 

 



අදහස් (2)

ජනකට පක්ෂ රැසක සහාය

නිර්පාක්ශික Monday, 22 May 2023 05:37 PM

මැතිවරණ වාසි ගන්න අවුරුදු ගාණක් ලයිට් බිල වැඩි කරන්න දේශපාලන අතපෙවීම් කරපු අප්පුහාමිලා හැමදාටම පාර්ලිමේන්තුවේ..

:       0       1

හින්දරාජ සහ නිල්වික්‍රම Tuesday, 23 May 2023 08:04 AM

හාන්දුරුවනේ මේ වගේ උන් දහයක් හිටියොත් අපිට දේශපාලනේ දාලා ගෙදර යන්න වෙනවා. ඉතිං මුං වගේ උන් පන්නලා දාන්න ඕන හාංදුරුවනේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site