
(විජේරත්න රත්නායක)
මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ බඩට ගහන යෝජනාවක් එපා කියන මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාව තනතුරෙන් ඉවත් කරන්න ඔබ ඡන්දය දෙනවාදැයි පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් අප අහනවා. මිනිස්සුන්ගේ ඔළුවට තව තවත් බරක් දෙන වැඩකට අත උස්සන්න පුළුවන් කාටද ? පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙන් ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට ආදරේ කරන්නේ කවුද වෛර කරන්නේ කවුද කියලා 24 වැනිදා බලාගන්න පුළුවන් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විමසුවේය.
විදුලි බිල වැඩිවන්නේ මහජන උපයෝගිතා කොමිසම මගින් කරුණු ගණනාවක් මත ගණනය කිරීම් කර සකසන යෝජනාවලියක් අනුවයි.
නමුත් අවුරුදු 7 ක් තිස්සේ මේ ක්‍රමය ක්‍රියාත්මක වුණේ නෑ. හේතුව, මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණා නොරෙච්චෝලේ බලාගාරය හැදුවාම සියයට 25 ක් විදුලි බිල අඩු කරනවා කියලා. ඒ අනුවයි එදා විදුලි බිල අඩුවුණේ. ඒත් බලාගාරයක් හදන්න තමන් මූලික වුණ පලියට විදුලි බිල අඩුකරනවා කියලා කවුරු හරි දේශපාලන නායකයෙක් කීවයි කියන්නේ ඒක හරියට ඡන්ද පොරොන්දුවක් වගේ. අන්තිමට වුණේ මොකක්ද? සියයට 25 ක් අඩු කරපු එක සියයට 75 ක් විතර වැඩිකරන්න වුණු එකයි. ඒකට මහජන උපයෝගිතා කොමිසම විරුද්ධ වුණා. ඔවුන් කීවේ මෙච්චර වැඩිකරන්න එපා කියලා. වැඩිකළ යුතු ගණනට අදාළ නිර්දේශ ඔවුන් දුන්නා. ඒත් අමාත්‍යවරයාට වුවමනා විදිහට සියයට 75 කින් විදුලි බිල වැඩිකළා. ආපහු සියයට 66 කින් වැඩිකළා. මේ සියල්ල උපයෝගිතා කොමිසමට පිටින් ගිය දේවල්. අ.පො.ස. උසස් පෙළ විභාග කාලේ විදුලිය කපන්න එපා කියලා කොමිසම කීවාම ඒක පිළිගත්තෙත් නෑ. ළමයි විභාගයට පාඩම් කළේ කුප්පි ලාම්පු එළියෙන්. ඒක මොන තරම් අසාධාරණයක්ද ?
දැන් ඇමති සියයට තුනකින් විදුලි බිල අඩුකරන්න හදනවා. ඒත් සියයට 30 කින් අඩුකරන්න පුළුවන් කියලා උපයෝගිතා කොමිසම කියනවා. මේ ඇමති ලංකාවෙ දුප්පත් මිනිස්සුන්ගේ විදුලි බිල සියයට 250 කින් වැඩිකළා. ඒ එයාගෙ තනි තීන්දු. දැන් ඒක බේරගන්න කටයුතු කළ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාව එළවන්න හදනවා. ඒක හරියට ශිරාණි බණ්ඩාරනායක පාර්ලිමේන්තුවට ගෙනත් ශ්‍රේඨාධිකරණය එ එලෙව්වා වගේ. අපි මේකට විරුද්ධයි. ඔහු ජනතාවගේ යහපතට තීන්දු ගන්න නිසයි මේ ආණ්ඩුව ඔහුව එළවන්න හදන්නේ.
අපි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් අහනවා, මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ බඩට ගහන යෝජනා එපා කියන මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාව තනතුරෙන් ඉවත් කරන්න ඔබ ඡන්දය දෙනවාද .
පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙන් ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට ආදරේ කරන්නේ කවුද- වෛර කරන්නේ කවුද කියලා 24 වැනිදා රටේ ජනතාවට බලාගන්න පුළුවන්.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධව ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත යෝජනාවක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම රටට, ජාතියට ආදරය කරන ජනක රත්නායක මහතා... ඔබතුමාට සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදය ලැබේවා..! සියලු සටන් පරාජය කර රටේ ජනතාව වෙනුවෙන් හඬනගන ඔබතුමාට සහාය දෙන සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදය ලැබේවා...!
වැලේ වැල් නැති දයාසිරි දැන් හාල්මැස්සන්ගේ නැටි වලත් එල්ලෙනවා
අපි දන්නවා උන්ගේ වාසියට උන් උන්ගේ අම්මවත් දූශනය කරනවා කියලා .
රටට ආදරේ කවුද? නැත්තේ කවුද? මැතිවරණයකදී බලාගන්න පුළුවන්...
අනේ ඔබලාගේ ආදරේ... සෙට් එක එහාට යනවා, මෙහාට යනවා, එල්ලෙන්න තැන් හොය හොයා... වෙන ජොබ් එකක් හොයා ගත්තොත් හොඳ නැද්ද...?
රටට ආදරේ අය ඕකේ නැහැ කියලා ආයිත් දෙපාරක් හිතන්න ඕනේද..? මේ කරලා තියෙන හරිය මදැයි...!
පක්ෂ භේදයෙන් තොරව සොයාබලන්න ජනක රත්නායකගෙන් පාරිභෝගිකයාට සත පහක සේවයක් සිද්ධ වෙලා තිබෙනවද කියා.ඒවගේම ඔය තනතුරට පත්වන්න පෙර මොනවද කලේ කියලා.
පුලුවන්නම් එක සිටි 1 ක් විතරක් බේස් කරලා චන්දයක් තියන්නකෝ .ජනක ඕනද එපාද කියලා .අන්න එතකොට අපි තීරණය කරමු
රටට ආදරය කරපු අය කාලෙකට පෙර හිටියා එහෙම කෙනෙක් 77 න් පස්සෙ හිටියා නම් ලලිත් ගාමිණී හා ගාමණී ජයසූරිය වගේ කීප දෙනෙක් පමණයි. දැන්නම් කිසිවෙක් නැහැ කියලා ස්ථිරව කියන්න පුළුවන්... මොකද ජනාධිපති හා මැටි ඇමැතිලා වෙනුවෙන් විශ්‍රාම එපා කියන්න කෙනෙක් මහලොකු කතා කියන මාලිමාවෙත් දකින්නට නැති නිසා. ඒකෙ රට ගැන හිතන කෙනෙක් සිටියා නම් 2021 අයවැයින් මැති ඇමැති විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට ගෙනා යෝජනාව ප්‍රමාදවීම ගැන පුද්ගලික යෝජනාවක් හෝ ඔවුන්ට ඉදිරිපත් කරන්න තිබුණා.. විවිධ දේවල් වයින්කලා වගේ කියවීම හැර ඔවුන්ටත් කරන්න පුළුවන් දෙයක් නැහැ. 24 දින ජානක මැතිතුමා ගැන ගන්නා තීන්දුව එතුමාගේ ජයග්‍රහණය සඳහා හේතුවක් වේවා...!
අලි බබා සහ හොරු 40 පාලනය කරන ආණ්ඩුවකින් කිසිම සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ.
24 වෙනකම් ඉන්නේ මොකටද? තමුන් කවුරුත් රටට ආදරේ නෑ. ආදරේ අපේ ඡන්දෙට විතරයි.
රටට ආදරේ කවුද කියලා ඊළඟ ඡන්දයේදී අපි පෙන්වන්නම්... එතකන් ඔයා නටන්න එපා...
නුඹලා ඔක්කොම එකයි... රට තවත් වනසන්නේ නැතිව තොලොංචිවෙලාම යන්න ඕනෑ...
ඔය කවුරුත් එකයි, මෙයාගේ මාසෙ පඩියයි... පෙට්‍රල් වියදමයි... ලක්ෂ කීයක් වෙනවද? අයින් කරලා අඩු පඩියට කෙනෙක් පත්කරගන්න එක වරදක් නෑ. කවුරුත් කරන්නේ ජනතාවගේ බදු මුදල් විනාශ කරන එකයි...
දයාසිරිලගෙ හැටි දැන් කවුරුත් දන්නව
අහිංසක දුප්පත් ජනතාව කියා කියා අවුරුදු 70 ගානක් මිනිස්සු රවට්ටුවේ මේ කාලකන්නි තමයි. රටට ඔච්චරටම ආදරේ නම් දුප්පත්කමින් මිනිස්සු ගලවගන්න, බොරු සහන දිදී තාවකාලික පැලැස්තර අලවන්නේ නැතුව. මිනිසුන්ටත් කියන්න තියෙන්නේ දුප්පත්කම අනුකම්පාව දිනාගන්න ආභරණයක් විධිහට ගන්න එපා. අපිට ඕන අනුකම්පාව නෙමෙයි; හරියට වැඩ කරන අය.
රටට ආදරේ කරන අය දැන් නැහැ. තමුන්ගේ පැවැත්මට, වාසියට බලතණ්හාවට එහෙට මෙහෙට පනින රිලවුන් තමයි වැඩිපුරම ඉන්නේ...
මිනිසුන් කන්න නැතිව දුක්විඳිනවා. මොවුන් රට ගැන හිතහිතා ඉන්නවා. මොවුන් සේරම හැදිගැවිලා යන්නේ කවද්ද?... එදාට මේ රට දියුණු වේවි..
විදුලි බිල අඩු කළත් ඒක ගෙවන්නෙත් පොදු ජනතා මුදල් වලින්. දයාසිරි කරන්නේ ජනතාව ගොනාට අන්දන්න හැදීමයි. පාවිච්චි කරන අයට අඩුකරන බිල පාවිච්චි නොකරන අයට ගෙවන්න වෙනවා. දයාසිරිලා ඒක නොදන්නවා නොවේ. කිඹුල් කඳුළු වලින් ජනතාව ඇන්දීම...