(විමුක්ති එස් රුද්‍රිගු)
ඕස්ට්‍රේලියාවේ ට්‍රැන්මියර් නගරෙයේ වෙරළේ තිබී නාඳුනන මළ සිරුරක් පොලිසිය විසින් සොයාගනු ලැබ ඇත.
එරට වේලාවෙන් පස්වරු 1.40 ට පමණ ප්‍රදේශවාසියකු පොලිසියට ලබා දුන් ඇමතුමකින් ලද තොරතුරු මත පොලිසිය මෙම මළ සිරුර සොයාගෙන තිබේ.
මෙම අවස්ථාවේ මෙය සැකසහිත මරණයක් බවට විශ්වාස නොකරන බවත් මරණයට හේතුව සොයා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ සිදු කරන බවත් ඕස්ට්‍රේලියානු පොලිසිය පවසා ඇත.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 18-25 ත් අතර ශ්‍රී ලාංකිකයකු බවට විශ්වාස කරන බව පොලිසිය පෙන්වා දී තිබේ.නමුත් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය තවමත් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්වී නොමැති අතර ඒ සඳහා මහ ජනතාවගේ උදව් ඉල්ලා ඇත.
මෙම පුද්ගලයා වෙනත් ස්ථානයකදී මුහුදට වැටී ගසා ගෙන එන්නට ඇතැයි විශ්වාස කරන බව පොලිසිය පවසා තිබේ.කෙසේ වෙතත් මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බව ඕස්ට්‍රේලියානු පොලිසිය ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් ලංකාවේ කොල්ලෝ...
කාලකණ්ණි දේශපාලකයෝ රට උලාකාලා... අහිංසක කොල්ලෝ නාඳුනන රටවල බල්ලන්, බළලුන් වගේ මැරිලා යනවා.
එදා මෙදා තුර යුද්ධය කාලයේ සරණාගතයන් ලෙස පිට රටට හොරෙන් රටින් පැනපු අය කොපමණ නම් අතර මගදි මැරිලා යන්න ඇත්ද? මහ මුහුදේ බෝටටු වලින් යන ගමන ලේසිද? මහ මුහුදට වැටෙන අය වගේම, වට්ටන අය..?
මේ මරණය ගැන නොදනිමි, හැබයි වර්ණ භේදය ඉහවහ ගිය රටක්
ඔයිට වඩා ලෙහෙසියෙන් මෙයා මුස්ලිම්ද වෙන ආගමිකයෙක්ද කියා කියන්න තිබුණා...