IMG-LOGO

ලාංකිකයකු බව කියන තරුණයකුගේ සිරුරක් ඕස්ට්‍රේලියා වෙරළේ

(විමුක්ති එස් රුද්‍රිගු)

ඕස්ට්‍රේලියාවේ ට්‍රැන්මියර් නගරෙයේ වෙරළේ තිබී නාඳුනන මළ සිරුරක් පොලිසිය විසින් සොයාගනු ලැබ ඇත.

එරට වේලාවෙන් පස්වරු 1.40 ට පමණ ප්‍රදේශවාසියකු පොලිසියට ලබා දුන් ඇමතුමකින් ලද තොරතුරු මත පොලිසිය මෙම මළ සිරුර සොයාගෙන තිබේ.

මෙම අවස්ථාවේ මෙය සැකසහිත මරණයක් බවට විශ්වාස නොකරන බවත් මරණයට හේතුව සොයා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ සිදු කරන බවත් ඕස්ට්‍රේලියානු පොලිසිය පවසා ඇත.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 18-25 ත් අතර ශ්‍රී ලාංකිකයකු බවට විශ්වාස කරන බව පොලිසිය පෙන්වා දී තිබේ.නමුත් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය තවමත් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්වී නොමැති අතර ඒ සඳහා මහ ජනතාවගේ උදව් ඉල්ලා ඇත.

මෙම පුද්ගලයා වෙනත් ස්ථානයකදී මුහුදට වැටී ගසා ගෙන එන්නට ඇතැයි විශ්වාස කරන බව පොලිසිය පවසා තිබේ.කෙසේ වෙතත් මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බව ඕස්ට්‍රේලියානු පොලිසිය ප්‍රකාශ කර ඇත.

 



අදහස් (6)

ලාංකිකයකු බව කියන තරුණයකුගේ සිරුරක් ඕස්ට්‍රේලියා වෙරළේ

සාර්කැස්ටික් Monday, 22 May 2023 07:19 AM

පව් ලංකාවේ කොල්ලෝ...

:       0       8

Sampath Monday, 22 May 2023 01:37 PM

කාලකණ්ණි දේශපාලකයෝ රට උලාකාලා... අහිංසක කොල්ලෝ නාඳුනන රටවල බල්ලන්, බළලුන් වගේ මැරිලා යනවා.

:       4       5

Sam Monday, 22 May 2023 05:55 PM

ඔය කතාව හරියටම එහෙමයි කියන්නේ කොහොමද? ලංකාවේ සමහරු රට ගියේ අද ඊයේ නොවේ. 1960-70 ගණන්වල ඉඳලාම රජයේ ශිෂ්‍යත්ව ලබාගත් අයත් ගිහින් නැවතුණා. තව සමහරු දේශපාලන හයියෙන් පිට රට යන්න පාර හදාගත්තා. ඒ අතරේ සරණාගත ලේබල් එක අවභාවිතය දිගටම සිදුවෙනවා. අනික මේ අනුමානයක් මිසක් තවම ස්ථිර ලෙස දන්න දෙයක් නොවෙයි.

:       1       1

hesa Monday, 22 May 2023 06:10 PM

එදා මෙදා තුර යුද්ධය කාලයේ සරණාගතයන් ලෙස පිට රටට හොරෙන් රටින් පැනපු අය කොපමණ නම් අතර මගදි මැරිලා යන්න ඇත්ද? මහ මුහුදේ බෝටටු වලින් යන ගමන ලේසිද? මහ මුහුදට වැටෙන අය වගේම, වට්ටන අය..?

:       0       1

Nihal Monday, 22 May 2023 10:55 PM

මේ මරණය ගැන නොදනිමි, හැබයි වර්ණ භේදය ඉහවහ ගිය රටක්

:       0       1

Bamunuarachchi Tuesday, 23 May 2023 04:05 PM

ඔයිට වඩා ලෙහෙසියෙන් මෙයා මුස්ලිම්ද වෙන ආගමිකයෙක්ද කියා කියන්න තිබුණා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 396 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 958 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1342 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site