(අංජුල මහික වීරරත්න සහ මාවනැල්ල බණ්ඩාර ජයරත්න)
බංකොලොත් බවින් මිදුණු අභිමානයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැගීමට සියලුදෙනා එක්ව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කෑගල්ල අරණායක “අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය” ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, මාවනැල්ල සහ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාවලට අයත් ග්‍රාම නිලධාරී වසම් 135ක පැවති පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දෙමින් රජයේ රුපියල් මිලියන 3,847ක මූල්‍ය ප්‍රතිපාදන සහ නෙදර්ලන්ත රජයේ රුපියල් මිලියන 18,650ක ණය ආධාර යටතේ මෙම ජල යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවිණි.
එහි ඉදිකිරීම් 2018 වසරේ ආරම්භ විය. දිනකට ඝන මීටර 21,000ක ධාරිතාවයකින් යුත් ජල පිරිපහදුවක්, සේවා ජලාශ 07ක්, කිලෝ මීටර් 37ක සම්ප්‍රේෂණ නළ පද්ධතියක් සහ කිලෝ මීටර් 120ක බෙදාහැරීමේ නළ පද්ධතියක් මේ යටතේ ඉදිකර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ පවුල් 52,300ක් ආවරණය වන පරිදි 169,000ක පමණ ජනතාවකට පිරිසිදු සහ සුරක්ෂිත පානීය නළ ජල පහසුකම හිමිවන අතර ඒ යටතේ නව ජල සබඳතා 25,200ක් ලබාදීම සහ පවතින ජල සබඳතා 27,100ක් වැඩිදියුණු කිරීමට ද නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අරනායක ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට
සාර්කැස්ටික් Monday, 22 May 2023 07:14 AM
අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් ප්‍රොජෙක්ට් එකක් නෙමේද මේ...?