(චන්ද්‍රසේන ගමගේ)

හම්බන්තොට සුචී ගම්මානයේදී ඊයේ රාත්‍රී 09 ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු  තබන ලද වෙඩි ප්‍රහාරයකින් එක් දරු පියකු මිය ගොස් ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි.

වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇත්තේ හක්මන කොඩිතුවක්කුගේ සාගර නම් 35 වැනි වියේ පසු වූ අයෙකි.

ඔහු තම බිරිද හා දරුවා සමඟ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදි වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ සාගර හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන යන අතර තුරදී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

මිය ගිය අය පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියකට බන්ධනාගාර ගතව සිට මීට දින කිහිපයකට පෙරදී ඇප ලබා පැමිණ සිටි අයකු බව පොලිස් තොරතුරු වලින් පැවසේ.