
යුක්රේනයේ බක්මුට් නගරය සම්පුර්ණයෙන් යටත් කරගත් බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
බක්මුට් නගරය යටත් කරගැනීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තම හමුදාවට සුබ පතා තිබේ.
බක්මුට් නගරයේ අඛණ්ඩව යුද ගැටුම් පවතින බව යුක්රේන හමුදා ප්‍රකාශ කර පැය කීපයක් ගත වෙත්ම රුසියානු හමුදා බක්මුට් යටත් කර ගත් බව පවසා තිබේ.බක්මුට් යනු 70000 ක පමණ ජනතාවක් ජීවත් වූ නගරයක් වන අතර එහි පැවැති ගැටුම් වලින් දෙපාර්ශ්වයේම හමුදා වලට හානි සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
රුසියානු හමුදාවන්ට බක්මුට් නගරය යටත් කරගැනීමට වැග්නර් කුලී හේවායන් විශාල සහායක් ලබා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාව කවද්ද ඇත්ත කිව්වේ?
තවත් නිදහස් රටකට ඇතුළු වී එහි ජනතාව මරමින්, එහි ගොඩනැගිලි හා සම්පත් විනාශ කරමින් රුසියාව කරන මේ අමානුශික ක්‍රියා හෙළා දකිනවා වෙනුවට මෙවැනි පුවත් ගැන ලැජ්ජා විය යුතුයි.
සුන්දර රටක් විනාශ කළ ශ්‍රී ලාංකීය ජෝකරයෙක් විතරක් නෙවෙයි, මෝඩයෙක්...
තමන්ට අල්ලපු රට. පොඩි රට. දුප්පත් රට. ලෝකයෙ 3 වෙනියට යුද ශක්තිය තියෙන රට වෙලත් තාම තටමනව.