බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී ෙහෝ රාත්‍රී කාලයෙදී තැනින් තැන වැසි හො ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර ව‍ෙරළබඩ ප්‍රදේශවලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ දී වැසි ඇති වේ. උතුරු පළාතෙත් අනුරාධපුර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට පැය කිලෝ මිටර් 40 ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග අකුණු ඇතිවිය හැකි බව අනතුරු අඟවයි