අධිකරණ තීන්දුවට පිටුපා පොලිසිය මාධ්‍යයට බාධා කරයි ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය ගොඩගැනීම විවෘතව සිදුකරන ලෙසට අධිකරණය දැනුම් දී තිබියදීත් පොලිසිය මාධ්‍යයට අවහිර කළ බව මාධ්‍යවේදීහු චෝදනා කරති. 25 May 2023
නැගෙනහිර , ඌව තැනින් තැනට වැස්ස නැගෙනහිර සහ ඌව පළාත්වලට සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන කීපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 25 May 2023
අලි සබ්රි රහීම් ආණ්ඩුව ගැන කලකිරිලා තමා අමාරුවේ වැටුණු වෙලාවේ ආණ්ඩුව තමා බේරා නොගත් නිසා ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පැවැසීය. 24 May 2023
පොසොන් දා මිහින්තලාවට විදුලිය නෑ මෙවර පොසොන් ජාතික උත්සවය පැවැත්වෙන මිහින්තලා පුදබිමට විදුලි ආලෝකය ලබාදිය නොහැකි බව අනුරාධපුර විදුලි ඉංජිනේරු ධම්මික ජයවර්ධන මහතා පොසොන් කමිටු රැස්වීමේදී දැනුම් දුන්නේය. 24 May 2023
කසිප්පු සමග ඇල්ලූ කත හදිසියේ මිය යයි පානදුර උතුර පොලිසිය අද රාත්‍රි අත්අඩංගුවට ගත් කාන්තාවක හදිසියේ අසනීපව මරණයට පත්ව ඇති බව පානදුර උසස් පොලිස් නිළධාරීයෙක් පොලිසිය පැවසීය. 24 May 2023
දෙමළ ජන සංහාර අනුස්මරණ ස්මාරකයට මුල්ගල් තබයි කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගර සභාව විසින් දෙමළ ජන සංහාර අනුස්මරණ ස්මාරකයක් සෑදීම සඳහා කටයුතු ආරම්භ කර ඇත. ඊට මුල්ගල් තැබීම පසුගිය දා සිසුව තිබේ. 24 May 2023
සමාජ මාධ්‍ය අනුකරණය කළ සිසුවාට පොලිසියෙන් අවවාද පාසල නිමවී නිවස බලා යන අතරේ වෑන් රථයකින් පිරිසක් පැහැර ගැනීමට තැත් කළ බවත්, ඔවුන්ගේ ගෙන් බේරී පලා ගිය බවත් නාරාහේන්පිට පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කළ 11 හැවිරිදි පාසල් සිසුවාට අවවාද කර මාපින්ට බාර දුන් බව පොලිසිය කියයි. 24 May 2023
ලොව ධනවතාගේ වත්කම් හිටිහැටියේ පහළට ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන බර්නාඩ් ආර්නෝල්ට්ගේ වත්කම දවසක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 11.2 කින් අඩු වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත. 24 May 2023
පාසල් සිසුවියට කැත වැඩ කළ තරුණයෙක් මාට්ටු 12 හැවිරිදි දැරියක් රවටා පාසල් සිසුවියක රවටා ඥාතියකුගේ නිවසට රැගෙන ගොස් අපහරණය කර බන්ඩාරගම බස් නැවතුම්පොළ අසළ දමා ගිය 19 හැවිරිදි තරුණයකු සහ ඊට ආධාර අනුබල දුන් අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි. 24 May 2023
තීන්දු ගත යුත්තේ ජනතාව තේරුම් ගෙනයි පාර්ලිමේන්තුව තීන්දු ගත යුත්තේ ජනතා උවමනාවන් තේරුම්ගෙන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 May 2023
ඇස් කාච ඉස්සූ රෝහල් සේවකයා මාට්ටු කොළඹ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක ශල්‍යාගාරයේ තිබූ ඇස් කාච දහයක් සොරාගෙන ගියේ යැයි කියන එම රෝහලේ ශල්‍යාගාර සහායකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤ වීදිය පොලීසිය පවසයි. 24 May 2023
ජනක රත්නායක කතා කරයි තමා ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් මහජනතාව වෙනුවෙන් කතා කරන නිලධාරීන්ට අත්වන ඉරණම පිළිබඳ සත්‍ය අවබෝධ කරගැනීමට ජනතාවට අවස්ථාවක් ලැබුණ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේය. 24 May 2023
පොසොන් උළෙලට සල්ලි සොයන්න මහ සඟරුවන පිඬු සිඟා වඩිති ජාතික පොසොන් උත්සවයට අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහා මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියෝ පෙරටු කර ගත් මහා සංඝවහන්සේ අද මිහින්තලේ පොදු වෙළෙඳපොළේ පිඬුසිඟා වැඩියහ. 24 May 2023
‘‘ආණ්ඩුව ස්වාධීන කොමිසන් නැති කරනවා‘‘ මැතිවරණ කොමිසමට ඇඟිලි ගසමින් මැතිවරණ සියල්ලම කල් දැමූ ආණ්ඩුව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාව ඉවත් කර ස්වාධීන කොමිෂන් සභා අකර්මණ්‍ය කරමින් ප්රජාතන්ත්ර විරෝධි දූෂිත වැඩපිළිවලක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹ දී ප්‍රකාශ කළේය. 24 May 2023
අලි සබ්රි රහීම් යෝජනාවට විරුද්ධ වෙයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා ඡන්දය පාවිච්චි කළේය. නීතිවිරෝධී ලෙස මෙරටට රත්තරන් කිලෝ තුන හමාරකට ආසන්න ප්‍රමාණයක් රැගෙන එද්දී අලි සබ්රි රහීම් මහතා ඊයේ රේගු අත්අඩංගුවට පත්වූ අතර ඊට අදාල දඩය ගෙවීමෙන් පසු අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය. 24 May 2023
ආණ්ඩුව ජනක පන්නයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද. 46 කින් පාර්ලිමේන්තුවේදී අද (24) සම්මතවිය. 24 May 2023
අරක්කු ආදායම පහළට සුරාබදු ආදායම ඉකුත් මාර්තු මාසයේදී සියයට 40කින් පමණ පහළ බැස ඇති නමුත් කිසිසේත් අරක්කු මිල අඩුකිරීමේ තීන්දුවක් ගෙන නැතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 24 May 2023
ආර්ථික ගමනට ’’බකට්’’ පෙරලන අය ඉවත් කරනවා රටෙි ආර්ථික ප්‍රතිසංස්කරණ කරනවා මෙන්ම දේශපාලන අරමුණු වලින් එම ප්‍රතිසංස්කරණ විරුද්ධ වන පුද්ගලයන් ද ඉවත් කිරීමට රජයට සිදුවෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 24 May 2023
ඡන්දෙට ආ රජයේ සේවකයන්ට යළිත් සේවයට ඉඩ දෙන්න පළාත් පාලන මැතිවණයට ඉදිරිපත් වු රාජ්‍ය සේවකයින්ට නැවත තමන් රාජකාරී කළ ස්ථානවලම සේවයට වාර්තා කිරිමට ඉඩ දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අද (24) සංදේශයක් භාර දුන්නේය. 24 May 2023
’’අපි ජනකට චරිත සහතික දෙන්නේ නෑ’’ ’’මයික් ටයිසන්’’ පත්කරපු ආණ්ඩුවටම ’’මයික් ටයිසන්’’එපා වෙන්නේ ඔහු විදුලිබිල වැඩි කරන්න විරුද්ධ වුණාට පස්සේ යැයි ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 May 2023
සූර් වී බස් එළවන රියැදුරන්ට වැඩ වරදී මගී ජීවිත අනකුරේ හෙළමින් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර බස් රථ ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා බස්නාහිර පළාත ආවාරණය වන පරිදි විශේෂ මෙහෙයුම්ක් ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 24 May 2023
වැලිකඩ මරණයේ පරීක්ෂණ ගැන අගමැතිගෙන් සහතිකයක් වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී වතුකරයේ කාන්තාවක මිය යාමෙි සිද්ධිය පිළිබඳ පරීක්ෂණ වලදී නීතියට පිටින් කිසිවක් කිරීමට ඉඩක් නොලැබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 May 2023
48කගේ කොරියානු සිහිනය බොද වෙයිද? කොරියාවේ රැකියා සඳහා නියමිත දින පිටත් නොවීම හේතුවෙන් ඊයේ (23) කොරියාව බලා පිටත්වීමට නියමිතව සිටි ශ්‍රමිකයන් 48 දෙනාගේ රැකියා අවදානමට ලක් විය හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසා ඇත. 24 May 2023
පාර්ලිමේන්තුවේ රත්තරං හොරු දෙන්නයි ’’දිගින් දිගටම අපි ඇහුවේ එක රත්තරන් හොරෙක් ඉන්නවා කියලා. රත්තරං හොරු දෙන්නෙක් ඉන්නවා කියා දැන් අසන්නට ලැබී තිබෙන බව’’ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 May 2023
ඩොලරය තවත් පහළට පෙර දිනට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල සහ ගැනුම් මිල අද (24) තවත් පහළ ගොස් ඇත. 24 May 2023
විදුලි බිලට ජුලි මාසයේ සිට ලොකු සහනයක් ඒකක බින්දුවේ සිට 30 දක්වා විදුලිය පරිභෝජනය කරන ලක්ෂ දාහතකට වැඩි පිරිසකගේ විදුලිබිල ජුලි මාසයේ සිට සියයට 23 කින් අඩු කිරීමට යෝජනා කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 May 2023
කලුතර විද්‍යාපීඨ සිසුහු 100ක් ලෙඩ වෙති කලුතර විද්‍යාපීඨයේ ඉගෙනුම ලබන ගුරු ශිෂ්‍ය ශිෂ්‍යයාවන් 100 කට ආසන්න පිරිසකට උණ රෝගය වැළදී ඇති බව කළුතර සෞඛ්‍ය බලධාරියෙක් පැවසීය. 24 May 2023
සෑම විනාඩි හතරකටම කොවිඩ් මරණයක් කොවිඩ් රෝගය ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළත් තවමත් සෑම විනාඩි හතරකට සැරයක් කොවිඩ් රෝගය හේතුවෙන් අවම වශයෙන් එක් පුද්ගලයකු හෝ මියයන බව නිල වාර්තා පෙන්වා දී ඇත. 24 May 2023
වසලයා - බ්‍රාහ්මණයා කවුදැයි විවාදයේදී තීරණය කරමු විවාදය අහන්නට ජනක රත්නායකට පාර්ලිමේන්තුව ඇතුලට එන්නට තහනම් කර තිබුණත් අනීතික ලෙස රත්‍රං ඇතුළු රටට අනවසර භාණ්ඩ ගෙනා මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට ඇවිත් ඡන්දය දෙන්නට හැකියාව ලැබී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 May 2023
බණ්ඩාරවෙල පාසලකට බඹර ප්‍රහාරයක් බණ්ඩාරවෙල ඕබඩැල්ල විදුහලේ අද (24) උදෑසන ආරම්භ කරන අවස්ථාවේ හදිසියේම එල්ල වූ බඹර ප්‍රහාරයකින් ළමුන් හය දෙනෙක් සහ ඔවුන් සමඟ පැමිණි දෙමාපියන් පස් දෙනෙකු බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුලත් කළ බව බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය කියයි. 24 May 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026