(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
ආර්ථික ප්‍රශ්නයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සලසන්නැයි මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉදිරි දිනවල විශේෂ ඉල්ලීමක් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ මහජන එක්සත් පෙරමුණ තීරණය කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ මහජන එක්සත් පෙරමුණේ නායකයන් ඒකාබද්ධව මෙම ඉල්ලීම කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ද මහජන එක්සත් පෙරමුණ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්ද මෙසේ රැස්විය.
රටේ ජනතාව ආර්ථික වශයෙන් දැඩි පීඩනයකට පත්ව සිටින හෙයින් ඔවුන්ට සහනයක් ලෙස කිසියම් වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කිරීම වැදගත් බවට ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළ යුතු යැයි පක්ෂ නායකයෝ එහිදී එකම තීරණයකට පැමිණියහ.
මේ අතර පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයිද නොපවත්වන්නේ නම් එම මැතිවරණයට නාමයෝජනා දුන් අපේක්ෂකයන්ට සාධාරණය ඉටු කරන්නැයිද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉල්ලීමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටම විනාශ කරලා කිඹුල් කඳුළු හෙළනවා වගේ...!
ජනතාවට සහන දෙන්න හැකියාව තිබෙන තත්වයක රජය එය දෙන්නේ නැත්නම් එය මහා වරදකි. නමුත් සහන ලබාදීමට හැකියාවක් නොමැති අවස්ථාවලදී එය කරන්නට යාම ජනතාව මුලා කිරීමේ උත්සාහයකි...
දිනේෂ්... දේශපාලන, අගමැතිකමේ ලැගගෙන... ජනතාව රවට්ටන්න කරන රඟපෑම්...
ජනතාවට දෙන සහන කෙසේවෙතත් දේශපාලුවන්ට නම් ඉහටත් උඩින් සහන ලැබෙනවා. රටම හොරාකාලා, ලෝකෙටම ණයකාරයෝ කරපු කාලකන්නි, දූෂිත දේශපාලුවන්ගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද?
හොරු හදපු රටවල් නෑ. හොරු රටවල් හදන්නෙත් නෑ. මොවුන් එකතුවෙලා, රටටම කෙලවල්ලා, දැන් සහන දෙන්නලු. මොවුන් හරි පව්. බයියනේ...
මින් කියැවෙන්නේ රජය පොහොට්ටුවේ වුණත් පාලනය ජනාධිපතිගේද යන්නද? බොරුලුගොඩ කැනහිලා ඇතුලු පොහොට්ටු සකල හොර කල්ලියට පාර්ලිමේන්තුවේ යෝජනාවක් හැටිට ගේන්න බැරිද? තවදුරටත් ජනතාව රැවටීමට කැණහිල් කපුටු රාජපක්ෂලාට අවස්ථාවක් නැත...