ලොව විශාලතම ඩිජිටල් මුදල් හුවමාරු සමාගම වන 'බිනෑන්ස්' සමාගමෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන 6.3 ක අතිවිශාල ඩිජිටල් වත්කම් ප්රමාණයක් සොරකම් කර ඇතැයි විදෙස් පුවත් සේවා අනාවරණය කළේය.
මෙය ලෝක ඉතිහාසයේ සිදුවූ විශාලතම ක්රිප්ටෝ සොරකම යැයි ද පැවැසෙයි. සොරකම සිදු කර ඇත්තේ හැකර් කණ්ඩායමකි.
හැකර් ප්රහාරය එල්ල වන බව දැනගත් සැණින්, මුදල් බොහොමයක් රඳවා ගැනීමට තමන් සමත් වුවත්, සිදුවුණු පාඩුව අතිමහත් බව 'බිනෑන්ස්' සමාගම නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කර ඇත.
සයිබර් ආරක්ෂණ විශ්ලේෂකයන් සඳහන් කරන්නේ බිනෑන්ස් සමාගමට එල්ල වුණු ප්රහාරය පසුපස උතුරු කොරියාවට සම්බන්ධ පරිගණක හැකරුන් කණ්ඩායමක් සිටින බව මේ වනවිට අනාවරණය වී ඇති බවය.
උතුරු කොරියාවේ න්යෂ්ටික හා මිසයිල වැඩසටහන් සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණින් මෙම හැකර් ප්රහාඑය එල්ල කරන්න ඇතැයි සැක කෙරේ.
මීට පෙර, ලොව විශාලතම ක්රිප්ටෝ සොරකම ලෙස වාර්තා වී තිබුණේ 2025 වසරේදී බයිබිට් නමැති ආයතනයෙන් සිදුකළ ඩොලර් බිලියන 1.5 ක සොරකම යැයි විදෙස් මාධ්ය පවසයි.
බිට්කොයින් ඇතුළු විවිධ වර්ගයේ ඩිජිටල් මුදල් ගනුදෙනු කිරීමට සහ ආයෝජනය කිරීමට පහසුකම් සපයන ලොව විශාලතම ක්රිප්ටෝ හුවමාරු සමාගම වන්නේ බිනෑන්ස් ය.
2017 දී ආරම්භ කරන ලද සමාගම මේ වන විට ලොව පුරා මිලියන 300 කට අධික ලියාපදිංචි පාරිභෝගිකයන් පිරිසකට සේවය සපයයි.
බිට්කොයින් යනු ලොව ප්රථම සහ වඩාත්ම ජනප්රිය විමධ්යගත ඩිජිටල් මුදල් වර්ගයයි. සාමාන්ය කඩදාසි මුදල් මෙන් මධ්යම බැංකුවක් හෝ රජයක් මඟින් පාලනය නොවෙන මෙය, 'බ්ලොක්චේන්' නමැති ආරක්ෂිත තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලය හරහා සෘජුවම පුද්ගලයකුගෙන් තවත් අයකුට හුවමාරු කළ හැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd