(සුජිත් හේවාජුලිගේ )
විවිධ තරාතිරම්වල දේශපාලඥයන්ට,පොලිසියේ, ත්‍රිවිධ හමුදාවේ සහ රජයේ විවිධ ආයතනවල ප්‍රධානීන්ට නිකුත් කෙරුණු නිල රථ දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගෙන ඇතැයි බුද්ධි අංශ රජයට බාරදී ඇති වාර්තාවක සඳහන් වේ.
මේ හේතුවෙන් විශාල මුදල් නාස්තියක් වන බව එම වාර්තාවෙන් පෙන්වාදී ඇත.
සමහර ප්‍රධානීන් තමන්ගේ පෞද්ගලික වාහන තමන් සේවය කරන ආයතනයට කුලී පදනම මත ලබාදී කුලිය ලබා ගන්නා අතරේම ඒවා නිල රථ ලෙසද පාවිච්චියට යොදාගෙන සිටින බව වාර්තා වේ.
ප්‍රධානීන්ගේ බිරින්දෑවරුන්ගේ ගමන් බිමන්, දරුවන්ගේ පාසල් ගමන් සඳහා මෙම නිල රථ වැඩි වශයෙන් පාවිච්චි කරන බවට බුද්ධි අංශවලට පෙනී ගොස් ඇත. පවුල්වල සාමාජිකයන්ගේ ගමන් බිමන් සඳහා එම ආරක්ෂක අංශවල රියදුරන්ද යොදාගෙන තිබීමත් ප්‍රධානීන්ට රජයෙන් දෙන ඉන්ධන පාවිච්චි කිරීමත් හේතුවෙන් මෙම පාඩුව දෙගුණ තෙගුණ වන බව බුද්ධි අංශ වාර්තා සඳහන් කරයි.
මෙම බුද්ධි අංශ වාර්තාව සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය නැති කල ආරක්ෂක වියදම් වැඩි ඇයි කියලා තේරෙනවනේ. ලොකු ලොකු පාසල් ඇරෙන වෙලාවට ගියහම බලන්න පුලුවන් යුහ, නාහ, ගුවන් ගහපු වාහන කීයක් ළමුන් ගෙනියන්න ඇවිත්ද කියලා... සහ ගහනවා, හෙන ගහනවා වේලක් ඇර වේලක් කන අයගේ බත්පතට කෙලින සැමට, තව බදුගෙවමු. හැට පැනපු අයගේ තැන්පතු පොලිය මංකොල්ලකන හිඟන ආණ්ඩුව කරන්නේ මහා ලොකු වැඩ. හෙනම ගහපිය වෙන මොනව කියන්නද නිවට අපි?
එක්කෙනෙක්ව අල්ලලා පෙන්නන්න. ඡන්දෙ දෙනවා ශුවර් එකට.
සියලුම රජයේ වාහනවලට ජී පී එස් ට්‍රැකර් සවි කළොත් බලාගන්න පුළුවනි... කොහොමද නිලවාහන තම තමන්ගේ පෞද්ගලික වැඩවලට යොදාගන්න ආකාරය. නමුත් මේවා කවදාවත් වෙන්නේ නැහැ... තව අවුරුදු 5කින් පස්සේ බැලුවත් අද වගේම ඔය කියන නිලධාරීන් මේ හොරකම අද වගේම කරනවා සත්තයි. මිනිස්සු බදු ගෙවන්න මැලි වෙනඑක ප්‍රධාන කරුණක් තමයි. ඇස් පනාපිටම සිදුවෙන මහජන බදු මුදල් මෙලෙස රජයේ නිලධාරීන් විසින් අව භාවිතා කිරීම... දේශපාලකයින්ට විතරක් ඇඟිල්ල දිගුකරලා වැඩක් නැහැ. රජයේ නිලධාරිනුත් හිටගෙනම හොරකං කරන නිසා...
මේක ඉතින් සාමාන්‍ය දෙයක් වෙලා. එහෙම පාවිච්චි කරනවා විතරක් නෙවෙයි ඒවායින් යන අය සාමාන්‍ය ජනතාවට කොකා පෙන්වා ගෙනයි යන්නේ...!
මේ වගේ වැඩ හොයන්නේ බුද්ධි අංශයේ මොකටද? ඉස්කෝලෙ ඇරෙනකොට ඒ ළඟට ගිහින් බලන්න සවසට කෑම කඩවල්, සාප්පු ළඟ, සති අන්තයේ සංචාරක හෝටල් ළඟ රජයේ වාහන...
ඇයි රජයේ ඔය කියන සමහර වාහනවලින් තෙල් ඇදිල්ල...!
ලංකාව සිංගප්පූරුවක් කරනවා නම් ලේසි නැහැ. සිංගප්පූරුව චීනය ඉරානය වගේ දූෂිතයන් ට දඬුවම් කළ යුතුයි. බලයට පත් වෙන්න පමණක් ජනතාව මුලා කරන එකයි සිදු වන්නේ.
ඕක ගැන හොඳටම බලාගන්න ඕනේ නම් සතියේ දිනයක පාසල් පැවැත්වෙන වේලාවේ කොළඹ ආනන්ද සහ කුරුණෑගල මලියදේව විදුහල් අසල පාර දෙපස නිරීක්ෂණය කරන්න. මාර්ග නීතිත් කඩකරමින් රජයේ දේපල අවභාවිතා කරන හැටි හොඳටම බලාගන්න පුළුවන්...
EPF එකට කෙළින්න බලාගෙන ඉන්න රනිල්ට මේවා පේන්නේ නෑ. මොකද කොන්ද පණ නැති මිනිස්සු නායකයෝ වගේ ආවාම මේක තමයි වෙන්නේ.!
1977 ට පෙර තිබුණා වගේ සියලුම රාජ්‍ය වාහනවල රාජ්‍ය ලාංඡනය යොදා මෙය මහජන දේපලකි යනුවෙන් සඳහන් කරන්න... මේ සියලුම වාහන ජාලගත කරන්න. එතකොට කොළඹ සිට ගිරාඳුරුකෝට්ටේ වාහනයක් යවා හාල් මිටිය ගෙන ඒමත්. නැන්දම්මාගේ ඉඩමේ පොල් ගෝනි 2 ගෙන ඒම හා දන්න කියන අයගේ මළගෙවල්වලට රාජ්‍ය වාහන යොදාගැනීමත් වේවි. අවභාවිතාවක් දුටුවිට මහජනතාව විසින් දැන්වීමට hotline අංකයක් හඳුන්වා දී ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කරන්න. අඩු වශයෙන් නිතර නිතර එවැනි නිවේදන ගුවන් ගුවන්විදුලිය හා රූපවාහිනිය මගින් ප්‍රචාරය කරන්නේ නම් අවභාවිතාව අඩුවී රජයට මුදල් ඉතිරි කර ගැනීමට හැකි වේවි...!
බුද්ධි අංශ ඊයේ, පෙරේදා ඕක කියනතුරු බලධාරීන් දන්නේ නැද්ද? ඕක අහන බලධාරීන් කරන්නෙත් ඔයටික තමයි. අපි නිතර දකින දෙයක් තමයි හමුදා වාහනවල ගැහැණු, ළමයි පමණක් යනවා. වාහන පදවන්නේ හමුදාවේ අය...