(අංජුල මහික වීරරත්න)
පාස්කු ප්‍රහාරය පිළිබඳ "චැනල්-4" නාලිකාව වීඩියෝවක් නිකුත් කරමින් කළ චෝදනා විමර්ශනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.
විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ විශ්‍රාමික ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් ජයලත් වීරක්කොඩි සහ ජනාධිපති නීතිඥ හර්ෂ ඒ. ජේ සෝසා මහත්වරු සාමාජිකත්වය දරති.
2019 වසරේ පාස්කු ඉරුදින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සත්‍යය සෙවීම සහ යුක්තිය ඉටුකිරීම සඳහා සාධනීය පියවරක් තබමින් ජනාධිපතිවරයා මෙම කමිටුව පත් කළ බව ජනාධිපති කාර්යාලය කියයි.
පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස මහ මොලකරුවකු සිටින බවට චෝදනා කරමින් හිටපු නීතිපතිවරයකුද ප්‍රකාශයක් කර ඇති බැවින් මෙම තත්ත්වය ඇවිලෙන ගින්නට පිදුරු දැමීම වැනි තත්ත්වයක් ඇති කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
මෙම කැළඹිලි සහගත ප්‍රකාශයන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට ද රජය අපේක්ෂා කරන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රී සභාපති කරලා රනිල් උපසභාපති කරමු...
යම් පුද්ගලයක් හෝ කල්ලියක් යම් අපරාධයක් කළා නම්, ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව, ත්‍රස්ත විමර්ශන අංශය සහ නීතිපති දෙපාර්තුමේන්තුව මාර්ගයෙන් මහා අධිකරණයේ අධි චෝදනා ඉදිරිපත් කරලා නඩුවක් යොමු කරන එක තමයි රටේ පිළිගත් වලංගු නීතිය සහ ක්‍රමය. එහෙම නැතුව ඉතිහාසයේ මෙහෙම කමිටු පත්කරන එකෙන් මහජන මුදල් නාස්ති කරන්න එක මිස කිසිම ඵලක් නැහැ. චන්ද්‍රිකා යුගයේ ඉඳන් බටලන්ද, සූරියකන්ද කොමිටුව සිට අද දක්වා පත්කළ කමිටු සහ කොමිසන් සභා වාර්තාවලින් කිසි කෙනෙක්ට දඬුවම් දීලත් නැහැ. අනික මෙම පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ කමිටුවේ වාර්තාවෙන් පිටු 26 ක් අදටත් හංගගෙන ඉන්නෙත්...!
තවත් සල්ලි ටිකක් ඉවර කරන වැඩක්...
ප්‍රසන්න සභාපති අනු සාමාජිකයින් ජොන්ස්ටන් සහ රෝහිත...!
කමිටු පත්කෙරුවා කියලා ඇති වැඩක් නැහැ. නිකම් මුදල් සහ කාලය කා දමන එකයි සිද්ද වෙන්නේ? මෙයාලා ඇඟ බේරාගන්න හැදුවාට සත්‍ය වසන් කරන්න බැහැ.
යාළුවෝ සේරටම රස්සා දීලා ඉවර කරන්න තව කමිටු කීයක් දාන්න වෙයිද?