IMG-LOGO

ආයතන රැසක දත්ත වැනසිලා

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

මෙරට රාජ්‍ය ආයතනවල විද්‍යුත් ලිපින ඉලක්ක කරමින්  කෙරුණු සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක්  ආරම්භ කළේය.

මේ සම්බන්ධයෙන් අප තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන වැඩබලන අමාත්‍ය කනක හේරත් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම සයිබර් ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායම පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති බවයි.

පසුගිය අගෝස්තු මස 26 වැනිදා කෙරුණු මෙම සයිබර් ප්‍රහාරයෙන් රජයේ ආයතන රැසක දත්ත අහිමිවී ඇති බව පැවසූ වැඩබලන අමාත්‍යවරයා මාස දෙකක පමණ දත්ත එකතු කිරීමට ඇති බවද සඳහන් කළේය.

එම දත්ත එකතු කරගත හැකි වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

මේ අතර මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනයෙන් හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන්ද වාර්තා  කැඳවා ඇති  බව  කනක හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම සයිබර් ප්‍රහාරයේ අරමුණ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගින් දිගටම  කරුණු සොයා බලා ගෙන යයි.



අදහස් (2)

ආයතන රැසක දත්ත වැනසිලා

mahinda Saturday, 16 September 2023 03:17 PM

රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක දත්ත මැකී ඇත යන්නෙන් ගම්‍ය වන්නේ මී ළග රජය ජාතික ජණබල වේගය යන්න 100/% සහතික බවයි. තවබොහෝ දෑ ඉදිරි මාස කීපයේදී අසන්නට, දකින්නට ලැබේවී.

:       6       9

Deepal Nirosh Saturday, 16 September 2023 08:20 PM

මේ සයිබර් ප්‍රහාරය ගැන විමර්ශණය කිරීමට වහාම ජනාධිපති කොමිසමක් පත්කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site