(මොහොමඩ් ආසික් සහ ධම්මික ගුණවර්ධන)
කටුගස්තොට මැණික්කුඹුර ප්‍රදේශයේ අලුතින් ඉදි කරමින් පවතින තෙමහල් නිවසක තනිව සිටි 57 හැවිරිදි පුද්ගලයකු කපා කොටා ඝාතනය කර තිබියදී අද අලුයම කටුගස්තොට පොලීසිය මගින් සොයා ගනු ලැබ තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කටුගස්තොට මැණික්කුඹුර ප්‍රදේශයේ අලුතින් ඉදි කරමින් පවතින නිවසක පදිංචිව සිටි සිසිර ප්‍රියන්ත කුමාර නැමැති 57 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු පවුලේ සියලු සාමාජිකයින් සමඟ විදේශතව සිට ඇති අතර දැනට මාස දෙකකට පමණ පෙර ඝාතනයට ලක් වූ පුද්ගලයා පමණක් නිවසට පැමිණ අලුතින් ඉදි කරමින් සිට ඇත.
ඔහුගේ පවුලේ සියලු දෙනා මේ වන විටත් විදෙස් රටක රැ ඳී සිටින බව ප්‍රදේහවාසිහු කියති.
මෙම නිවසේ ආරක්ෂාව සඳහා පුද්ගලික ආරක්ෂක සේවයකට අයත් ආරක්ෂක නිලධාරින් දෙදෙනකු වන පියා සහ පුතකු මාරුවෙන් මාරුවට ආරක්ෂක කටයුතු වල යෙදී තිබේ.
එම නිවසේ ආරක්ෂාව සඳහා සිට 33 හැවිරිදි පුද්ගලයා අද අළුයම කටුගස්තොට නගරයේදී විශාල මන්නා පිහියක්ද රැගෙන සැරිසරනු දැක ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසිය වෙත භාර දෙනු ලැබ තිබේ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කටුගස්තොට සැක ඝාතනයක්