
(විමුක්ති එස් රුද්‍රිගු)
සුප්‍රසිද්ධ ඉන්දීය කලාකරුවෙකු වන ප්‍රභූදේවා ඔහුගේ මීළඟ චිත්‍රපටයේ ඇතුලත් ගීතයක් පටිගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. විශිෂ්ඨ නර්තන, අධ්‍යක්ෂණ සහ රංගන හැකියාවන් හේතුවෙන් ඉන්දියාවේ පමණක් නොව ලෝකයේම ප්‍රසිද්ධ කලාකරුවෙකු බවට මේ වන විට ප්‍රභූදේවා පත්ව ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ප්‍රභූදේවා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.ප්‍රභූදේවා රංගනයෙන් දායකවන මීළඟ චිත්‍රපටය මුසාසි ලෙස නම් කර ඇත.එම චිත්‍රපටයේ ප්‍රභූදේවා ප්‍රධාන චරිතය නිරූපණය කරන බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාගේ නෝනත් ලස්සනයි, හරියට එයාර් ලංකා සාරියක් වගේ එකක් ඇඳන් ඉන්නේ...
ඔය ළඟින් ඉන්න කෙනා එයාගේ නෝනාද?
ප්‍රභූ දේවාට වඩා ප්‍රභූ දේවි ලස්සනයි...
අපොයි සංසාරේ... අමු හරක් සැට් එකක් නොවැ මෙතන කොටන්නේ.... ටිකක් ඇස්ඇරලා බලහල්ලා... ඔය ඉන්නේ ශ්‍රි ලංකන් එයා හොස්ටස් කෙනෙක්...
යකෝ ඒ අපේ ශ්‍රී ලන්කන් එකේ ගුවන් සේවිකාවක්...