උසස් පෙළ විභාගය කාලයේ විදුලිය කපන්නේ නෑ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය කප්පාදු කිරීම සාධාරණ නොවන නිසා එම කාලය තුළ විදුලි කප්පාදුව අත්හිටුවීමට ක්‍රමයක් සකස් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (10) පැවසීය. 3 years ago
කොළඹ සභාවේ මන්ත්‍රීවරු බහුතරයකගේ සහය සජිත්ට කොළඹ මහ නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු අති බහුතරයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සහයෝගය පළ කරනු ලැබීය. 3 years ago
පුංචි ඡන්දෙට පොහොට්ටුව පොලොන්නරුවේදී ඇප බඳී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරමුණ ඉදිරියේ පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කය වෙනුවෙන් පොලොන්නරු දිස්ත්‍රික ලේකම් කාර්යාලයීය මැතිවරණ අංශයේ අද (10) ඇප මුදල් තැන්පත් කළේය. 3 years ago
විදුලි බිල වැඩි කළොත් තේ කම්හල් හාන්සි විදුලි බිල නැවත වතාවක් වැඩි කළහොත් රටපුරා තේ කම්හල් හරි අඩකට වැඩි සංඛ්‍යාවක් ස්ථිර වශයෙන්ම වැසී යනු ඇතැයි තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා පැවසීය. 3 years ago
ඡන්දෙ තිව්වොත් පක්ෂ තුනට වියදම බිලියන 72ක් පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ප්‍රධාන පක්ෂ තුනට පමණක් රුපියල් බිලියන 72 ක අවම වියදමක් දරන්නට සිදුවන බැවින් එම මුදල් මේ මොහොතේ ජනතාවගේ කුස නිවන්නට පාවිච්චි කරන ලෙස නියම කරන්නැයි ඉල්ලා ස්වාධීන ආර්ථික විශ්ලේෂකයින් පිරිසක් රජයට ලිපියක් ඉදිරිපත් කර තිබේ. 3 years ago
පොදු රද මඩුලු පාර්ලිමේන්තු ලේකම් අද දිවයිනට පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් ස්ටීවන් ට්විග් මහතා අද (10) රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. 3 years ago
එක්ස්ප්‍රස් පර්ල් හානි වාර්තාව එළියට එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර නිසා මෙරට සාගර පරිසරයට වූ හානියට වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටු වාර්තාව පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහඳපුර මහත්මිය විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ට අද (10) පිළිගන්වනු ලැබීය. 3 years ago
පෞරානික චෛත්‍යයක් කෝටි 100 විකුණන්න ගිහින් රුපියල් කෝටි 100ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ මැණික් ගල් ඔබ්බවන ලද වෛත්‍යයක් සන්තකයේ තබාගත් පුද්ගලයන් දෙදෙෙකු වේයන්ගොඩ යටගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 3 years ago
වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය දින 3කට වසයි වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ කටයුතු අද (10) සිට මේ මස 12 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවූ බවත් සේවා ලබාගැනීමට එම කාර්යාලයට නොපැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එහි අධ්යක්ෂ (පාලන) පවසයි. 3 years ago
ඩෙංගු දරුවෝ 40ක් රිජ්වේ රෝහලේ ඩෙංගු වැළඳුණු දරුවන් 40 දෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින බව එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 3 years ago
පුංචි ඡන්දෙට අලියයි පොහොට්ටුවයි එකතු වෙයි එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරග කිරීමට තීරණය කළ බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 3 years ago
එක්ස්ප්‍රස් පර්ල් වන්දි ඩොලර් වලින් ගන්න කැබිනට් අනුමැතිය එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් මෙරට සාගර පරිසරයට වූ හානියට අදාළ වන්දි මුදල නැව අයිති රක්ෂණ සමාගමෙන් ඇමරිකා ඩොලර් වලින් ලබාගැනීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවී තිබෙි. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago