(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
තනතුරු හතරකට අලුතින් පත් කෙරුණු තවත් ප්‍රධානීන් පස්දෙනකුගේ යෝග්‍යතාව පරික්ෂා කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත.
මෙසේ යෝග්‍යතාව පරික්ෂා කෙරෙන්නේ නේපාලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කෙරුණු එයාර් චීෆ් මාෂල් සුදර්ශන පතිරණ, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස පත් කෙරුණු මහාචාර්ය එම් . ඒ. ආර් . එම් ප්‍රනාන්දු,නෝර්ත් සී ලිමිටඩ් ආයතනයේ සභාපති ලෙස පත් කෙරුණු ඩබ්.බී රුවන් කුමාර සහ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සභාපති ලෙස පත් කෙරුණු ඉංජිනේරු බී.ඒ.එස්.එස් පෙරේරා යන මහත්වරුන්ගේය.
මෙම පත් කිරීම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කවර හෝ සංවිධානයක් හෝ පුද්ගලයකු කැමැත්තේ නම් එම සංදේශ මෙම මස 28 වැනිදාට පෙර ලේකම් උසස් නිලතල පිළිබඳ කාරක සභාව,කාරක සභා කාර්යාංශය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ හැකි බව පාර්ලිමේන්තු මහ ලේකම් නීතීඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. ලිඛිත සංදේශවලට අමතරව වාචික සාක්ෂිද ඉදිරිපත් කළ හැකි බව ඇය ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේරුමක් නැහැ...!
පැන්ෂන්කාර හමුදා ලොක්කෝ නම් අසාර්ථක දරමිටි. අණදෙන එක මිස ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම බෑ... සේවකයින්ට එපාවුණු චරිත...!