(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වුණොත් දිනනවා යැයි සමහරු කියන නමුත් එහෙම දෙයක් වන්නේ නැතැයි හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අමතමින් අද පැවසීය.

ඒ ඔක්කොම දැන් වෙනස් වෙලා තියෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා අලුත් ඡන්ද දායකයන් අරගත්තේ නැතොත් කාටවත් ඉදිරියට යන්න හැකියාවක් නැති බව පැවැසීය.

සම්ප්‍රදාය ඉවත් කර අලුත් විදියකට ගමනක් යා යුතු බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා සම්ප්‍රදායික විදිහට ගියොත් ජයග්‍රහණය කරන්න හැකි යැයි තමාට පෙනෙන්නේ නැති බවද සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.