(ඉන්දිකා රාමනායක)
නදුන් චින්තක හෙවත් හරක් කටා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදි විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයකගේ රාජකාරි පිස්තෝලය උදුරාගෙන පලායාමට උත්සහ කළ බව කියන සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සීසීටීවී කැමරා පද්ධතියේ සටහන් වී නොමැති බව එම ආරංචි මාර්ග පවසයි.
එයට හේතුව වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සවකර ඇති සිසිටිවි කැමරා රැසක්ම වසරකට අධික කාලයක සිට අක්‍රිය වී තිබීම හේතුවෙන් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග. පවසයි.
මෙම හේතුවෙන් මෙම සිදුවීම හා කොස්තාපල්වරයා සම්බන්ධ කිසිදු තොරතුරක් මේ දක්වා අනාවරණය වී නොමැති බවද එම ආරංචි මාර්ග පවසයි.
පොලිස් දෙපාර්තමේන්තුවේ හදවත වශයෙන් හැඳින්වෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සවිකර ඇති බොහොමයක් ම සීසීටීවී කැමරා වසරකට අධික කාලයක සිට අක්‍රියව පැවැතීම විශ්මයට හේතුවක් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ සැලසුම් සියල්ලම පැහැදිලි යි.
ඕක අපරාධ දෙපාතුමේතුව නිසා අක්‍රිය වෙලාද අක්‍රිය කරලද කියලා මුලින්ම හොයා බලන්න වෙනවා. හොදට තිබෙන කැමරා උනත් කතා පිටපතට අනුව අක්‍රීය වෙන්න පුළුවන්.
මේ ධර්මද්වීපය තුළ හරක් කටා මහත්තයා වැනි උතුම් පුද්ගලයෙකුට එවැනි ප්‍රාතිහාර්යයක් සිදු නොවුණොත් තමයි අපි පුදුම වෙන්න ඕනෑ... ප්‍රාතිහාර්යයේ තරම කොතරම්ද කියනවා නම් අපේ පොලිස් කොස්තාපල්තුමාගේ මොලයේ මතක දත්තත් මැකිලා ගිහින්... මේක, අමනයින්ට අයිති වෙලා තියන පින්බිම කියන්නේ කට කහනවට නෙමේනේ...
හරිහමන් පොලිස්පති කෙනෙක් නැති රටක ඕක මොකක්ද?
මෙව අක්‍රිය කරන්නෙම නිලදාරින්ට වන්චවන්ට ඉඩ ලබගනිම සන්ඩහයි. ඔය ගොඩනගිල්ලෙ ආරක්ෂාව භාරව ඉන්න ඉහලම නිලදාරිය තමන්ට අයත් ඉහලම රාජකාරියක් පැහැර හැරල තියෙන්නෙ. ඔහු එම තනතුරට සුදුසු නැහැ. වහාම වෙනත් සුලු රාජකාරියකට මාරු කල යුතුයි. මගෙ අයතනයෙ නිලදාරියෙක් නම් කෙලින්ම ගෙදර යවනව මම.
බෝම්බ ගහන දවසයි, වෙලාවයි, තැනයි ඔක්කොම කළින් කියලා පාස්කු ප්‍රහාර වළක්වා ගන්න බැරි වුණ එකේ ඕක මොකක්ද? ඉතා සුළු දෙයක්නේ...!
පොලීසිය විතරක් නොවෙයි, මුළු රටම අක්‍රීයයි...
Cctv කැමරා අක්‍රීයවීම පුදුම වෙන්න ඕනේ නැහැ. මේ ප්‍රධාන පෙළේ අපරාධකරුවන් වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති විනිසුරුවන් ගණන පුදුම වෙන්න ඕනේ...