(මනෝප්‍රිය ගුණසේකර)
ජනාධිපතිවරණ ප්‍රථිපලයට බලපෑමක් විය හැකි ආකාරයට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සුදුවෑන්වලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමුවේ යැයි පැවසු බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති රූමී මොහොමඩ් මහතාට එරෙහි නඩුවට අදාළව රාජිත සේනාරත්න මහතාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (14) නියම කළේය.
රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස නියම කළ විනිසුරුවරයා විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කළ බව ආගමන විගමන පාලකයින් දැනුවත් කිරීමට අධිකරණ ලේඛාධිකාරවරයාට නියම කළේය.
මෝෂමක් මාර්ගයෙන් මෙම නඩුව කැඳවු අවස්ථාවේදී රාජිත සේනාරත්න මහතාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් ඉල්ලා සිටි අතර පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ඊට විරුද්ධත්වයක් නොදැක්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට රට යන්න ඩොලර් හොයන්නේ අපේ එවුන් නේද?
ඔන්න පැන්නා... මෙන්න පැන්නා...