(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවට අනුව යෝජිත නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ සමාලෝචනයේ අවසන් සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 26 වැනිදා පැවැත්වෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
යෝජිත නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ මේ දක්වා වූ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ පළමු සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේ දී අද (14) පැවැත්විණි.
සති දෙකක කාලයක් මෙම සාකච්ඡා පැවැත්වේ. මෙම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු සහභාගී වෙති.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් , නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානි කට්‍යා ස්වරිසෙන්කා , මයික් ලී, සොෆියා ෂෑන්ග්, ඩිමිත්‍රි රෝස්කෝව්, නෝඩා සෙලීම්, සන්දේශ් දුන්ගානා , නුයි මියාඕ , ජෝයි ටර්කෙවිට්ස්, නුඔන්ග් ලැන් වූ මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර මාර්ක් ඇඩම්ස් මහතා මාර්ගගත තාක්ෂණය ඔස්සේ ඊට එක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd