
(මනෝප්‍රිය ගුණසේකර)
කැලණීය ටයර් සංස්ථාවට යන පාර දෙපස ඇති වෙළඳසැල් කඩා ඉවත් කිීරීමෙන් කැලණීය ප්‍රාදේශීය සභාව වළකාලමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා වාරණ නියෝගයක් අද නිකුත් කළේය.
කැලණීය ටයර් සංස්ථාවට යන පාර දෙපස වෙළඳාම් කරමින් ජීවීකාව ගෙන යන සිය වෙළඳ සැල් දේශපාලන බලපුළුවන්කාරයකුගේ උවමනාව මත කැලණීය ප්‍රාදේශීය සභාව විසින් කඩා ඉවත් කිරීමේ සුදානමක් ඇතැයි සඳහන් කරමින් නීතීඥ සුදර්ශන වික්‍රමරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලු දිසා විනිසුරුවරයා ලබන 27 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි අදාළ වාරණ නියෝගය නිකුත් කළේය. කැලණීය ටයර් සංස්ථාවට යන පාර දෙපස වෙළඳාම් කරමින් ජීවීකාව ගෙන යන දිනුෂා අල්විස් මහත්මිය ඇතුලු කාන්තාවන් 07 දෙනකු ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් කැලණීය ප්‍රාදේශීය සභාව නම් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මිරිස් කුඩ්ඩාගේ අනුදැනුම පිටවෙන්න ඕනෑ...!
ඔය කම්හලේ අයට ගන්න පියවර දෙකක් තියෙනවා... එකක් මාර්ගයේ අවහිර ඉවත් නොකර සිටීම වෙනුවෙන් ප්‍රාදේශීය සභාවට විරුද්ධව නඩුවක් පැවරීම... අනෙක තමයි කර්මාන්ත ශාලාව වසා දැමීම..
මට මතක විදියට ඔය පාර ටයර් සංස්ථාවට අයත් දේපලක් මිස පොදුපාරක් නොවේ. ඉස්සර ඕක නඩත්තුව ටයර් සංස්ථාව කළේ...