
(චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇති වැසිකිළියට යන්න තමන්ට කොමඩු කිලෝ පහක් අලෙවි කිරීමට සිදුව ඇතැයි මහදිවුල්වැව, බැඳිවැව ප්‍රදේශවල කොමඩු ගොවීහු පවසති.
කොමඩු කිලෝවක මිල රුපියල් 15 - 20 දක්වා පහළ බැසීමත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වැසිකිලියට යාමට එක් වරකට රුපියල් 100ක් අය කිරීමත් මීට හේතු වී ඇතැයි ද ගොවීහු සඳහන් කරති.
කැකිරාවේ කළුඑබේ හා කිරියගස්වැව, මහදිවුල්වැව ගම්මානවල ගොවි ජනතාව මෙවර යළ කන්නයේ කොමඩු සහ බටානා විනි බෝග වග කර ඇති අතර පැවැති කාලගුණක තත්ත්වය හමුවේ විදුලි මෝටර් භාවිතා කර ජලය ලබා ගත් බවත් විදුලි බිල ඉහළ යාම නිසා වගාවට විශාල විදයමක් දැරීමට සිදුවූ බව ගොවීහු පවසති. අක්කර භාගයක කොමඩු වගා කරන්න රුපියල් 70000/= වැය කළ යුතු බව ද ගොවීහු කියති.
එම වගාවන් හි අස්වැන්න අලෙවිකර ගැනීමට නොහැකිව ඔවුන් කොමඩු අස්වැන්න නිවෙස්වල සහ ගෙවිබිම්වල ගොඩ ගසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්ස කාලෙට කොමඩු වගේ පලතුරුවලට ලොකු අලෙවියක් නෑ. ඉතින් කොමඩු මිල අඩුවුණා කියලා. ඒක වැසිකිළිය පවත්වාගෙන යන කෙනාගේ ප්‍රශ්නයක් නෙවෙයි. එළවළු, පලතුරු මිල අඩු වෙනකොට ගොවියාගේ පාඩුව දානවා. මිල වැඩි වුණාම පාරිභෝගිකයාට ගන්න බෑ කියලා දානවා. ඒත් මිල අඩු වුණාම පාරිභෝගිකයට වාසියි. මිල වැඩි වුණාම ගොවියට වාසි කියන්නේ නැත්තේ ඇයි...?
මේ කියන වැසිකිලිය තරුපහේ එකක්ද? මෙතන සිදුවන පිරිවැයේ හැටියට හරි නම් නොමිලයේ දියයුතු පහසුකමක් නේද මේක...?