(අංජුල මහික වීරරත්න)
මේ වසරේ දී දිවයින පුරා උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 15763 දෙනකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරයි.
ජාතික පෝෂණ මාසය නිමිත්තෙන් එම කාර්‍යංශය කළ සමීක්ෂණයකදී මෙම කරුණු අනාවරණය වී තිබේ .
සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇගැයුම් හා නියාමන අංශයේ විශේෂඥ වෛද්‍ය කෞෂල්‍යා කස්තුරිආරච්චි මහත්මිය පැවසූයේ
මෙම සමීක්ෂණය අනුව මන්දපෝෂණයෙන් පෙළෙන වැඩිම දරුවන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් බවයි.
මේ වසරේ දී අඩු බර සහිත දරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ද පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.පසුගිය වසරේ සියයට 15.3 ක් ලෙස පැවති අඩු බර සහිත දරුවන්ගේ ප්‍රතිශතය මේ වසරේ සියයට 17 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
එමෙන්ම පසුගිය වසරට සාපේක්ෂව බර අඩු මව්වරුන්ගේ සහ රක්තහීනතාවයෙන් පෙළෙන මව්වරුන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
පසුගිය වසරේ සියයට 14.5 ක මට්ටමක පැවැති අඩුබර දරු උපත් සංඛ්‍යාව මේ වසරේ සියයට 15ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ණයබර එන්න එන්නම වැඩිවෙනවා. තිබුණු ණය ගෙවීම් කල්දමා තියෙනවා. රටේ ඉපැයීම් සඳහා අලුත් කිසිවක් පේන්නේ නැහැ... ටිකක් හෝ අහන්න ලැබෙන්නේ විදෙස් රැකියා පමණයි. තවත් ටික කලකින් මොනවා වෙයිද කියලා හිතන්න අමාරුයි...
ඕක ඇමැතිගෙන් ඇහුවොත් කියයි, කළිනුත් 14.5%ක් තිබ්බ එක, මෙච්චර ආර්ථික අවපාතයක් වෙලත්, එයා ඇමැති කාලේ වැඩිවුණේ 0.5%යි සහ ඒක විශාල ජයග්‍රහණයක්... වගේම හොඳ දෙයක් කියලා...ඔන්න ඔහොමයි දේශපාලකයෝ කතා කරන්නේ.. හැබැයි හොඳම වැඩේ තමයි, ඒ කියන එකත්, ඇත්ත තමයි කියලා ඉස් මුදුනින් පිළිගන්න ගොඩ දෙනෙක් ඉන්න එක..