( රේඛා තරංගනී ෆොන්සේකා)

ගාලු පාර අවහිර වන ආකාරයට රංඩු වෙමින් සිටි පුද්ගලයින්  දොලොස්  දෙනකු අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩඋයන පොලීසිය පැවසීය.

මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් හතර දෙනෙකු සහ පිරිමින් අට දෙනෙකු සිටි බව පොලිසිය පැවසීය.

ආරවුල්ට හේතුව පොලී මුදල් ගණුදෙනුවක් බව සඳහන් කරන පොලිසිය පහරකකෑමට ලක්වූ තුවාලකරුවන් දෙදෙනෙකු දෙපාර්ශවය සිටි බව පැවසීය.

මෙම ආරවුල් ඔවුන්ගේම ඥාතීන් අතර සිදු වූ ආරවුලක් බව සඳහන් කරන පොලිසිය මොවුන් කොරලලවැල්ලේ පදිංචිකරුවන් ද බව පැවසීය.