(අංජුල මහික වීරරත්න)
බිත්තර සහ කුකුළු මස් මිල යළිත් ඉහළ යාමක් සිදු නොවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ලබන වසරේ සිට බිත්තර සහ කුකුළු මස් මිල පහළ යන බවද අමාත්‍යවරයා කීය.
ලබන වසරේ සිට බිත්තර ආනයනය සඳහා ද අවශ්‍යතාවක් මතු නොවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මේ වන විට සියලු ගොවිපොළවල කුකුළු පැටව් 3,420,000ක් ඉක්මවා තිබෙන බවද එම සතුන් ලබන දෙසැම්බර් මාසය වන විට බිත්තර දමන අතර ලබන දෙසැම්බර් මාසයෙන් පසුව මෙරට බිත්තර නිෂ්පාදනය තවදුරටත් ඉහළ යනු ඇති බව එම කර්මාන්තකරුවන් පැවසීයැයි කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
දැනට පවතින දෛනික බිත්තර හිඟය ලක්ෂ 10ක් බව කී අමාත්‍යවරයා ඉදිරි මාස තුන ඇතුලත මෙම හිගය පියවීමට හැකියාව ලැබෙන බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූ හීන දකිනවද පේන කියනවද කකුල් දෙකේ මීහරකා.
වැඩි වෙන්නෑ...
කසිප්පු ගහලද මන්දා...! බිත්තර තාම 45-50යි. 43ට තියෙනවා හූනු, බිත්තර වගේ ඒවා. හලාවත මාදම්පේ මාරවිල කිසිම සතොස, කෝප් සිටි හෝ කිසිම සුපිරි වෙළෙඳ සැලක ඉන්දීය බිත්තරත් නෑ... ඒ අස්සේ අපේ බිත්තර ෆාම් කාරයෝ කට කථාවක් යවලා ඉන්දීය බිත්තර තියාගන්න පුළුවන් දවස් 3යි කියලා... සමහරු ඉන්දීය බිත්තර වලිනුත් ජාවාරම් කරනවා. මම හිතන්නේ මෙයයි, බන්දුල ගුණවර්ධනයි කියන්නේ වෙන ග්‍රහලෝකයක තියෙන ශ්‍රී ලංකාවක් ගැන වෙන්න ඇති...
සියලු කිකිළියන් ස්ට්‍රයික් කරලාද ඉන්නේ?
ඔබලා රට කෑවා මහින්ද... මාතෘ සායනයකට ගිහින් බලපන් ගර්භනී අම්මලා පට්ට අඩුයි. පොඩි එකෙක්ට මස් කෑල්ලක් අරන් දෙන්න විදියක් නෑ.