( තිලකරත්න දිසානායක සහ උපාලි රණවීර.)

දොම්පෙ , ගිරිදර කඩකාමරක් තුල තිබී සැකකටයුතු ලෙස මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව දොම්පෙ පොලීසිය සඳහන් කරයි. 

මිය ගොස් සිටි තැනැත්තිය සතුව තිබූ බෑගයක , යතුරු පැදියක රක්ෂණ සහතිකයේ සදහන්ව තිබූ පරිදි මැය වැල්ලවාය පදිංචි ලොකුසූරියගේ කල්‍යාණි නමැති 33 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය පවසයි. 

මියගොස් සිටින කාන්තාව සහ පිරිමියෙකු මීට ටික දිනකට පෙර ගිරිදර කඩකාමරය කුලියට ගෙන පදිංචිව සිට ඇති බව අනාවරණය වී තිබේ.

කාන්තාව කඩ කාමරය තුල මියගොස් සිටි බව කඩ කාමරය හිමිකරු විසින් දැක ඇති අතර පොලීසිය දැනුවත් කිරීමට පියවර ගැනීමෙන් පසුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති බවත් පොලීසිය සඳහන් කරයි.