
(ඉන්දිකා රාමනායක)
නාඋල බොබැල්ල ප්‍රදේශයේ පදිංචි වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය නාවුල පොලිසියේ කණ්ඩායමක් වෙත එම නිවසේ ඇති කළ සුනඛයකු කඩා පැන පොලිස් පරීක්ෂකවරයෙකුගේ වම් කකුල සපා කා තුවාල සිදුකර ඇතැයි නාඋල පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා දඹුල්ල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.
මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවකට අනුව නාවුල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් කණ්ඩායමක් මේ ඊයේ (14) සැකකරුගේ නිවසට ගොස් සිටියදීය මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය පවසයි.
පොලිස් නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් යොදා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජකාරියට බද්ධ කිරීම සහ තුවාල සිදුකිරීම කියලා බල්ලට නඩු දාන්නේ එහෙම නැතිද ?