(මොහොමඩ් ආසික්)

දිවයිනේ  ප්‍රදේශ රැසක පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශිය ලේකම් පහකට නාය යෑමේ අනතුරු ඇඟවීමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (14 වනදා ) සවස නිකුත් කරනු ලැබ තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති එම නිවේදනයට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට රත්නපුර සහ ඇහැලියගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට මෙම නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කරනු ලැබ තිබේ.

මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස තුල පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වී ඇති බැවින් තව දුරටත් වැසි පවතී නම් නාය යෑමේ අවදානම ගැන විමසිලිමත් වන්නැයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් ඉල්ලා සිටියි.