
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව උසම බල්ලාට හිමි ලෝක වාර්තාව හිමිකරගෙන සිටි සියුස් පසුගියදා අඟහරුවාදා මිය ගිය බව ස්කයි නිවුස් පුවත් සේවය වාර්තා කර ඇත.සියුස් ග්‍රේට් ඩේන් වර්ගයට අයත් බලු පැටියෙකු වූ අතර අස්ථි පිළිකාවක් වැළඳීම හේතුවෙන් පසුගියදා ශල්‍ය කර්මයකට මුහුණ දුන්නේය.
ශල්‍ය කර්මයේදී සියුස් ගේ ඉදිරිපස දකුණු කකුල ඉවත් කර ඇති අතර ශල්‍යකර්මයෙන් පසුව ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් හේතුවෙන් සියුස් මිය ගොස් ඇත.මියයන විට සියුස්ගේ වයස අවුරුදු තුනක් බවත් ලබන නොවැම්බර් මාසයේ හතරවැනි උපන්දිනය සැමරීමට සියුස් සූදානමින් සිටි බවත් ස්කයි නිව්ස් පුවත් සේවය පෙන්වා දී තිබේ.සියුස් ලොව උසම බල්ලාට හිමි ලෝක වාර්තාව 2022 වසරේ හිමිකරගෙන තිබේ.සියුස් ගේ උස අඩි 3 යි අඟල් 5.18 කි.
ටෙක්සාස් ප්‍රාන්තයේ බෙඩ්ෆෝර්ඩ් නගරයේ තම අයිතිකාරිනිය වූ බ්‍රිට්නි ඩේවිස් සමඟ ජීවත් වූ සියුස් ඇයගේ උකුලේම අවසන් හුස්ම හෙලූ බව ස්කයි නිවුස් පුවත් සේවය වාර්තා කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දෝ සුද්දියෝ බල්ලට ආදරෙයි .හැබැයි මිනිස්සු මරන්න ආයුධ හදන්නේ නෑ