(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආරක්ෂීත පක්ෂීන් ඇතුළු සතුන් කූඩු වලින් ගෙන රහසේ අලෙවි කිරීමේ ජාවාරමක නිරත වු සැකකරුවකු සැලළිහිනින් තිදෙනෙකු අලෙවි කිරීමට සුදානම් වන අවස්ථාවේදි අත් අඩංගුවට ගත් බව පුත්තලම දිස්ත්‍රික් වනජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගෙ මහතා පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම නගරයෙ කලපු සිමාවේ පදිංචි 25 හැවිරිදි තරුණයකු බව වනජීවි නිළධාරීහු පවසති.

මධ්‍යම කදුකරයෙ කදු ආසන්නයෙ සැරිසරන සැලළිහිනි ඇතුළු විවිධ පක්ෂීන් හා වියලි කලාපයෙ විවිධ ස්ථාන වල සැරිසන වන සතුන්  වාසස්ථාන වලින් හා කුඩු වලින් රැගෙන ඉන් පසුව අධික මිලකට අලේවි කිරීමේ ජාවාරමක් මෙසේ සොයා ගත් බව වනජීවි නිළධාරීහු පවසති.

අත් අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමේදි හෙළිව ඇත්තේ මෙසේ අත් අඩංගුවට ගැනුන  සැලළිහිනි පැටවුන් නුවර අකුරණ ඇතුළු ප්‍රදේශ වල මෙම පක්ෂීන් වාසය කරන කුඩු වලින් ඉවත් කරමින් එම පක්ෂීන්ගෙ ජීවන රටාව සම්පුර්ණයෙන් වෙනස් කරමින් රැගෙන විත් රටපුරා විවිධ ප්‍රදේශ වල පිරිස් වෙත අලේවි කිරිමේ නිරත ව ඇති බවයි.

 අත් අඩංගුවට ගත් සැකකරු සමාජ මාධ්‍ය තුල මෙම පක්ෂීන්ගේ ජායාරූප ප්‍රදර්ශනය කරමින් අලෙවි කිරීම සිදුකර ඇති බව කියයි.