(යොහාන් භාසුර)
දුම්රිය රියදුරු වර්ජනය අවසන් වුවද අද (15) දිනයේද දුම්රිය ගමන් වාර 30කට අධික සංඛ්‍යාවක් අවලංගු කළ බවත් ඊට අමතරව සියලුම මාර්ගවල දුම්රිය බොහෝ වේලා ප්‍රමාද වී ධාවනය කළ බවත් දුම්රිය වෘත්තිය සමිති පැවසීය.
දුම්රිය රියදුරන්ගේ හිඟය හේතුවෙන් මෙසේ දුම්රිය අවලංගු කරන බව කී දුම්රිය වෘත්තිය නියෝජිතයෙක් සඳහන් කළේ මේ හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්වන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ රියදුරන් හිතාමතාම දුම්රිය ප්‍රමාද කරනවා. මේ කාලකන්නි දුම්රිය සේවයේ ප්‍රමාදයන් නිසා අපේ රටට දිනකට විශාල පාඩුවක් වෙනවා. අපේ රටේ විතරයි මේවගේ අධික හීන මානයකින් පෙලෙන දුම්රිය රියැදුරන් ඉන්නේ... මෙයාලගේ සංගමයේ නමට ඉංජිනියර්ස් කියලාත් එකතුකරගෙන. ඊට අමතරව මෙයාලා බිමින් යන පයිලට්වරුත් වෙලා. නිල ඇඳුම දැක්කාමත් හිනහත් යනවා. මෙන්න මේ වැඩේට අපොස සාපෙළ සමත් තරුණ පිරිසක් අරගෙන පුහුණු කළානම් ඉවරයි. එදාට මේ හීනමානයට නියම විසඳුම ලැබේවි...