(ඉන්දිකා රාමනායක)
පොලිස් අත්අඩංගුවේ පසුවන සංවිධානයක අපරාධ කල්ලි නයක මෙන්ම ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ගනේමුල්ල සංජීව නැමැත්තාට ත්‍රස්තවාදය වැල්ක්වීමේ ආඥා පනත යටතේ අද (15) දින 90 ක රැඳවුම් නියෝග ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මේ අනුව සැකකරු දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර හිමිව ඇති බවද හෙතෙම පැවසීය.
මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් පැනගොස් විදේරට වල සිටි ඇති අතර, සිදුකර ඇති අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා ත්‍රස්තවාදි කණ්ඩායම් සමග සම්බන්ධකම් පවත්වා ඇති ද යන්න, ඒ බව සනාත කර ගැනීම ප්‍රශ්න කිරීමට මෙම නියෝග ලබාගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අවි ආයුධ හොයන්න පලයල්ලා.... ඊට පස්සේ තුවක්කුවක් උදුරාගෙන වෙඩි තියන්න හැදුවා කියලා එහෙම නැත්නම් හංගලා තියෙන බෝම්බයක් අරන් දමලා ගහන්න හැදුවා කියලා මරලා දමාපල්ලා. දැන් තියෙන්නේ පොහොට්ටු පාතාලයයි, අලියාගේ පාතාලයයි අතර ද්වන්ධ යුද්ධයක්, ඒකෙදී පොලිස් කුලී හමුදාවේ සපෝට් එක තියෙන්නේ දැන් අලියගේ පාතාලයටයි.