IMG-LOGO

වට්ස් ඇප් නිසා ගුටි කෑ තරුණය මාස පහකට පසු මරුට

(ඉන්දිකා රාමනායක)

වට්ස්අප් සමාජ මාධ්‍ය හරහා හදුනාගෙන සිටි 44 හැවිරිදි කාන්තාවක සමග කෙටි පණිවුඩ හුවමරු කර ගත්තැයි පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දුන් 21 හැවිරිදි තරුණයා මාස පහකට පසු මිය ගොස් ඇතැයි සපුගස්කන්ද පොලිසිය කියයි.  

ඉකුත් අප්‍රේල් 19 දින සැකකරුවන්ගේ හා සැකකාරියන්ගේ පහර කෑමට ලක් වු තරුණයා සිහි නොලබා කොළඹ ජාතික රෝහල් ප්‍රතිකාර ලබමින් සිටියදි ඉකුත් 12 දින මියගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් තරුණයා සමග සමාජ මාධ්‍ය ගිණුම හරහා පණිවිඩ හුවමාරු කරගත් කාන්තාව, ඇගේ මව, සැමියා , සහ තවත් පුද්ගලයන් දෙදෙනකු ඔවුන් පදිංචි ගම් ප්‍රදේශවලින් පලාගොස් සැඟව සිටින බවද පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ හගුරන්කෙත බඹරගම ප්‍රදේශයේ පදිංචි ඉන්දුනිල් චාමර කාරියප්පෙරුම (21) නැමැති තරුණයකු බවත්, ඔහු කොරියානු භාෂා පාඨාමාලාවක් හදාරමින් සිටි තරුණයකු බව පොලිසිය පවසයි.

මෙම තරුණයා එහි වට්ස්අප් සමාජ මාධ්‍ය ගිණුම හරහා හදුනාගත් කාන්තාවක් සමග කෙටි පණිවිඩ හා ඡායාරූප හුවමාරු කරගෙන ඇති බවත් එම කාන්තාව වයස අව්රුදු 44 ක විවාහක කාන්තාවක් බවට තරුණයා දැනගෙන නොමැති බවද පොලිසිය සදහන් කරයි.

 



අදහස් (3)

වට්ස් ඇප් නිසා ගුටි කෑ තරුණය මාස පහකට පසු මරුට

Sk Saturday, 16 September 2023 11:53 AM

මාස 5ක් යනකනුත් වැරැදිකාරයෝ හොයාගන්න බැරි පුදුම පොලිසියක්...

:       1       91

Gagana Saturday, 16 September 2023 12:19 PM

මේ වීඩියෝව මා දුටුවා. අමානුෂික මිනිසුන්. හුස්ම ඇදලා ඔහොම මැරිල යයි බන් කියලා කියපු කාලකන්නියා පටං මේ කරුමක්කාර ක්‍රියාවට සම්බන්ධ සියලුම සක්කිලියන් කණ්ඩායම අත්ඩංගුවට ගෙන උසාවි දමා ජීවිතාන්තය තෙක් හිරගෙදර යවන්නට කටයුතු කරන්න කියා අදාල පාර්ශව වලින් මා බැගෑපත්ව ඉල්ලා සිටිමි..

:       0       61

lankasri Sunday, 17 September 2023 01:27 AM

මේ පණිවිඩ ඇරියයි කියන ගැහැණිය දිවිඇතිතෙක් හිරෙට යවන්න ඕනේ... අහිංසකයෙක්ව උගුලක පැටළුවාට. අන්තිමේ ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ද වුණා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site