IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කුරුණෑගල පාසලක සිසුන් දෙපිරිසක් ගැටී හතරක් රෝහලට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි විද්‍යාලයක සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවකින්සිසුන් සිව්දෙනකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි

විද්‍යාලයේ  11 වැනි සහ 12 වැනි වසරේ සිසුන් සිව්දෙනකු අතර ඇතිවූ බහින්බස් වීමක් ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග යෑමෙන් එම ගැටුමට සම්බන්ධ වූ බව කියන දෙපාර්ශ්වයේම සිසුන් සිව්දෙනා මෙසේ තුවාල ලබා ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය

පාසල් කාලය තුළදී  මෙම ගැටුම සිදු වී ඇතැයි පොලිසිය සඳහන් කරයි

කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම සිසු ගැටුම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි

 



අදහස් (4)

කුරුණෑගල පාසලක සිසුන් දෙපිරිසක් ගැටී හතරක් රෝහලට

City Saturday, 16 September 2023 04:12 AM

කරුණාකර පාසල් නම් කරන්න. මිනිස්සුන්ට දැනගැනීමට අයිතියක් තියෙනවා.

:       0       3

සුමිත් Saturday, 16 September 2023 10:06 AM

බයියන්ගේ අගනගරයේ පාසලක සිදුවීමක්... ආයේ ඉතිං අහන්න දෙයක් නෑ.

:       4       7

chandima Saturday, 16 September 2023 08:18 PM

කුරුණෑගල ප්‍රෙද්ශයේ කිව්වාම මේ පුවතින් කුරුණෑගල සහ ඒ අවට තිබෙන සියලුම පාසල්වලට අගතියක් සිදුවෙනවා.

:       1       0

හේරත් බණ්ඩා Sunday, 17 September 2023 03:02 PM

කුරුණෑගල කීවාම පාසල් විතරක් නෙමෙයි ඔය හැම එකක්ම ඔයවගේ තමයි. ආයේ අමුතුවෙන් වෙන්න අසාධාරණයක්‌ නෑ. කුරුණෑගල කීවම ඉතිං ආයේ අහන්න දෙයක් නෑ... බයියන්ට ගියපු නගරයක්නේ. මොන ගොබ්බයෙක් ආවත් ඡන්දෙන් ඉහළින්ම දියවන්නාවට යවනවානේ... මිනිස්සුන්ගෙන් තරම දැනගෙන ලංකාවෙන්ම ප්‍රතික්ෂේප වෙච්චි අය එන්නේ කුරුණෑගලට ඡන්දේ දිනන්න. දැනට කුරුණෑගල දේශපාලනය කරන අය දිහා බලන්න... ඒ කතාව හරිද කියලා. ඒක උගත්, වැදගත් බුද්ධිමත් කෙනෙක් ඉන්නවාද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site