(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි විද්‍යාලයක සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවකින්සිසුන් සිව්දෙනකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි
විද්‍යාලයේ 11 වැනි සහ 12 වැනි වසරේ සිසුන් සිව්දෙනකු අතර ඇතිවූ බහින්බස් වීමක් ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග යෑමෙන් එම ගැටුමට සම්බන්ධ වූ බව කියන දෙපාර්ශ්වයේම සිසුන් සිව්දෙනා මෙසේ තුවාල ලබා ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය
පාසල් කාලය තුළදී මෙම ගැටුම සිදු වී ඇතැයි පොලිසිය සඳහන් කරයි
කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම සිසු ගැටුම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර පාසල් නම් කරන්න. මිනිස්සුන්ට දැනගැනීමට අයිතියක් තියෙනවා.
බයියන්ගේ අගනගරයේ පාසලක සිදුවීමක්... ආයේ ඉතිං අහන්න දෙයක් නෑ.
කුරුණෑගල ප්‍රෙද්ශයේ කිව්වාම මේ පුවතින් කුරුණෑගල සහ ඒ අවට තිබෙන සියලුම පාසල්වලට අගතියක් සිදුවෙනවා.