(ඉන්දිකා රාමනායක)

කිලිනොච්චි  ප්‍රදේශයේ මත්පැන් වැටලීමකට ගොස් සිටියදි අතුරුදන්ව සිටි කොස්තාපල්වරයාගේ මළ සිරුර   මලයාලපුරම්  වැවේ  පාවෙමින් සිටියදී අද (15) හමු වු බව පොලිසිය කියයි.
මොහු ඊයේ (14) නීති විරෝධී මත්පැන් වැටලීමකට අයියන්කුලම්  ඇල ආශ්‍රිත ප්‍රදේශයට ගොස් සිටියිදි අතුරුදන්ව ඇත.
 කොස්තාපල්වරයා අතුරුදන් වීමත් සමග පොලිසිය, නාවික හමුදාව, යුද හමුදාව එක්ව ප්‍රදේශයේ සෝදිසි මෙහෙයමක් සිදු කළ  ඊයේ රාත්‍රිය වනතෙක්ම ඔහු  සොයා ගැනීමට නොහැකිවී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ  වලස්මුල්ලේ පදිංචි ජනක චතුරංග (91449)   නැමැති කොස්තාපල්වරයා බවද පොලිසිය පවසයි.