
(අංජුල මහික වීරරත්න)
සේවක අර්ථ සාධක අරමුදලට අදාලව දැනට ලැබෙන 9%ක ප්‍රතිලාභය එහි සාමාජිකයන් සඳහා ඉදිරියටත් ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
බදු පැනවීමක් සිදුවන්නේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් සතු මුදල් සඳහා නොවන අතර අරමුදල සතු මුදල් ආයෝජන කිරීමෙන් පසුව ලබන ලාභයට සියයට 14ක ප්‍රතිශතයක් ලෙස පමණක් බව ද අමාත්‍යවරයා කීය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මිලියන 2.4ක් වන ශ්‍රමිකයිකයින්ගෙන් එක් අයෙකු සතුව අද වන විට බැංකුවේ ලක්ෂ 10ක් ඇත්නම් එම මුදලට කිසිදු හානියක් සිදු වන්නේ නැතැයි කී අමාත්‍යවරයා ඒ අනුව ඔහු විසින් එම මුදල ලබා ගැනීමට සූදානම් වන අවස්ථාවේ ඔහුට ඒ සදහා වාර්ෂිකව සියයට නවයබැගින් එකතු වූ ප්‍රතිලාභය ලබා දීමට සුදානම් බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනත් රටවල මිනිසුන් විඳින සැප දැක්කාම සිලෝන් පීපල් සෝ සෑඩ් නේද?
සොනික්... සොනික්. තව දුරටත් මොවුන් කියන ඒවා අහන්න තරම් අපි මෝඩ නැහැ...