
(ටී.කේ.ජී.කපිල)
ප්‍රංශයේ පැවති 2023- ඕ.එම්.සී. හෙයාර් වර්ල්ඩ් ( O.M.C. Hair World ) ලෝක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ රූපලාවන්‍ය සහ කේශාලංකරණ ශිල්පිනියන් දෙදෙනකු රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන ඇත.
ඔවුන් දෙදෙනා අද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම තරගාවලියට ලෝකයේ රටවල් 69 ක රූපලාවන්‍ය සහ කේශාලංකරණ ශිල්පිනියෝ 5,000 ක සහභාගිත්වයෙන් ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත් වූහ.
එහිදී වේශ නිරූපන අංශයෙන් තරග කළ තීක්ෂණී කාරියවසම් මහත්මිය රන් පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියාය .
එසේම නිර්මාණාත්මක අංශයෙන් තරග කළ කායල් විලී ජයප්‍රකාශ් මහත්මිය ලෝකඩ පදක්කමක් සහ තවත් ඉසව් දෙක්කදී 04 වැනි සහ 05 වැනි ස්ථාන දිනා ගැනීමට සමත් වූවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොටෝ එකට ඇමටි මෝලෙක් දා ගන්න බැරිවුණාද?
සුබ පැතුම්...!
ඔය පදක්කම් වටින්නේ කොළඹට සහ මීගමුව අවට ජීවත් වෙන අයට පමණයි.